saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 159 hours ago

LATEST

කවුරුත් ඇවිත් බලෙන් ක්‍රිකට් ගහන්නේ නෑ

calendar_today 2026 පෙබ 26 - 13:25 remove_red_eye - 4513  

කණ්ඩායමේ ඉන්නේ ලංකාවේ හොඳම පිතිකරුවන් බවත් කිසිවෙක් ඇවැති බලෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැවැසීය. ඊයේ තරගයෙන් අනතුරව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ මෙවර මහ කන්නයේ බඩඉරිඟු වගා කළ ගොවීන් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටිති. වගා ආරම්භයේ සිටම විවිධ ස්වභාවික උපද්‍රවයන්ට මුහුණ දීමට සිදු වූ බවත්, මේ වන විට නෙළමින් පවතින අස්වැන්න පවා වර්ෂාවට හසුව විනාශ වෙමින් පවතින බවත් ගොවීහු මැසිවිලි නගති.

Read More

තමන් ඇතුළු ක්‍රීඩකයන්ට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ ‘negative’ දේවල් බවත්, මෙලෙස සෘණාත්මක දේවල් පතුරවන්නේ ඇයිදැයි ගැටලු සහගත වන අතර, මේවා නැවැත්වීමට කුමක් හෝ රජය සිදු කළහොත් එය මානසික සුවයට පහසුවක් වන බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක පවසනවා.

Read More

මෙම වසර අවසන් වන විට ඩිජිටල් හැදුනුම්පත් ලබා දීමත් සුපර් ඇප් පද්ධතිය එළිදැක්විමෙන් රාජ්‍ය සේවාවන් සියල්ල එක් තැනකට ගෙන එන බව ජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග විරරත්න මහතා පවසයි.

Read More

කෘෂිකර්ම නව්‍යකරන ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවල නෙළුව ප්‍රදේශයේ ආරම්භ කරන ලද හෑෂ් අලි පේර වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී ඇත.

Read More

කළුතර, වාඩියමංකට ප්‍ර දේශයේදී ඳවෙළසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් හ ඳනා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ මුහුදු තීරයේ අත්හැර දමා තිබූ ධීවර යාත්‍රාවක කාන්තා මෘත ශරීරයක් ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා, 2026 මාර්තු 1 වැනි දින සිට 3 වැනි දා දක්වා රුමේනියාවේ නිල සංචාරයක නිරත වෙයි. මෙම සංචාරය අතරතුරදී, අමාත්‍ය හේරත්, රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා, රුමේනියාවේ කම්කරු, පවුල්, තරුණ හා සමාජ සහයෝගීතා අමාත්‍යවරයා සහ රුමේනියාවේ ආර්ථික, ඩිජිටල්කරණ, ව්‍යවසායකත්ව සහ සංචාරක අමාත්‍යවරයා සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Read More

පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබා දීමට මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල විදේශ අමාත්‍ය Paulo Rangel මහතා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග පැවැති සාකච්ඡාවේදී එකඟතාව පළ කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

Read More

අඹේවෙළ සිට බදුල්ල දක්වා (25) දින පස්වරු 1:30ට ධාවනය වූ ඕඩිසි දුම්රියේ මාර්ගගත (online) ක්‍රමයට ප්‍රවේශපත්‍ර ලබා ගත් සංචාරකයන්ට පමණක් එම දුම්රියෙන් ගමන් කිරිමට (25) දින අඹේවෙළ දුම්රිය ස්ථානයේ නිළධාරින් පියවර ගැනීමත් සමග විදේශිකයන් රැසකට එම දුම්රියෙන් ගමන් කිරිමට නොහැකි වු නිසා අඹේවෙළ දුම්රිය ස්ථානය තුල උණුසුම් තත්වයක් ඇති විය.

Read More

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මේ දිනවල දකුණු කොරියාවේ විශේෂ සංචාරයක නිරත වන අතර, එම සංචාරය අතරවාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HRDK) නිලධාරීන් දකුණු කොරියාවේ සොල් නුවරදී ඊයේ (24) හමුවිය.

Read More

ජර්මානු-ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ ජර්මනියේ (OAV) බ්‍රෙමන් ශාඛාව විසින් කරන ලද ආරාධනාවකට අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, වෙළෙඳාම සහ විදේශ රැකියා සම්බන්ධ රැස්වීම් මාලාවකට සහභාගී වීම සඳහා 2026 පෙබරවාරි 26-27 වැනි දිනවල ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිතය.

Read More

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාකෂි මත පදනම්ව බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේය.

Read More

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ රාත්‍රී නවතා තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කිසිවෙකු විසින් පැහැර ගෙන ගොස් දියතලාව වැලිහෙලගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද 25 උදෑසන හමු වූ බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.

Read More

පෙබරවාරි මාසය සඳහා මෙරට ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 28,000ක් බවට වාර්තා වී ඇති අතර, එයට අදාල ගෑස් තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් දැනුම්දී සිටියි.

Read More

මේ වසරේ ජනවාරි මස 1 දා සිට පෙබරවාරි මස 22 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 5 සිමාව ඉක්මවා ගොස් තිබේ. පෙබරවාරි මාසයේ පළමුවැනිදා සිට 22 දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 228424ක් පැමිණ තිබේ. ඒ අනුව දිනක සාමාන්‍ය සංචාරක පැමිණිම 10000 සීමාවට ආසන්නව තිබේ.

Read More

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම කරුණ සඳහන් කළේය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරිමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන් ඇතුළත් වෙයි.

Read More

එසේම ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය ණය තොගය රුපියල් ට්‍රිලියන 31ක් වන අතර, මෙයින් රුපියල් ට්‍රිලියන 15.6ක් භාණ්ඩාගාර බිල්පත් (T-bills) ලෙසත් රුපියල් ට්‍රිලියන 15.4ක් භාණ්ඩාගාර බැඳුම්කර (T-bonds) ලෙසත් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අණාවරණය විය.

Read More

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය සඳහා 2023.02.10 දිනෙන් පසු උපාධි සහතිකය ලබාගත් උපාධිධාරීන්ටත් අවස්ථාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වංචාකර, සැගවී සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වතු කම්කරුවන්ට රජයෙන් ලබාදෙන රු. 200 දෛනික පැමිණීමේ දීමනාව සඳහා නෛතික පසුබිමක් සකස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

Read More

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.

Read More

පෘතුගාල විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් ( Paulo Rangel ) මහතා දෙදින නිල සංචාරයක් සඳහා 02/24 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

මෙත්ලිය ආයතනයේ සේවය කරන සේවකයින් 2200 දෙනාට තම කැමැත්ත පරිදි MAS සමූහයට අයත් ශ්‍රී ලංකාවේ වෙනත් කර්මාන්තශාලාවක හෝ ජෝර්දානයේ පිහිටි MAS ආයතනයක සේවය කිරීමට අවස්ථාව සලසා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.