saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 177 hours ago

LATEST

සවස 1න් පසු බොහෝ ප්‍රදේශවලට වැසි

calendar_today 2026 පෙබ 22 - 11:29 remove_red_eye - 79  

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ තවත් තරගයක් අද පස්වරු 3.00ට නුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්විමට නියමිතය. සුපිරි අට දෙනාගේ වටයේ ආරම්භ කරමින් නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ ආර. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැත්විමට නියමිතව තිබූ තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

Read More

පවතින අධික වර්ෂාව සමඟ අද 22 උදෑසන බදුල්ල පස්සර මාර්ගයේ එකසිය තිස් දෙක වැනි කිලෝමීටර් කනුව ආසන්න ප්‍රදේශයේ දී මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වුවද ඒවා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය.

Read More

අකුරේගොඩදි නීතිඥවරයෙක් හා ඔහුගේ බිරි ඳ ව වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු හිටපු යුද හමුදා සෙබලෙක් බවත් ඔහු 2009 වසරේ ලබදුන් පොදු සමා කාලයේදී හමුදාවෙන් නීත්‍යානුූකූලව ඉවත්ව ඇති බවත් පොලිසිය නිවේදනය කරයි. මෙම සැකකරු ඊයේ සවස අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගත් අතර අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටය ආරම්භ කරමින් පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

Read More

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර ප්‍ර දේශයේදී සුපිරි වෙළ ඳ සැලක් ආසන්නයේ සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මධ්‍යම, ඌව, සබරගමුව පළාත් සහ අම්පොර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භකොට වසර දෙකකට පසුව ඒකපාර්ශවීයව අවසන් කිරිම හේතුවෙන් එම ව්‍යාපෘතිය සදහා දරණු ලැබු රුපියල් මිලියන 5,978ක මුදල නිෂ්කාර්යය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

වීසා උපදේශන කටයුතු සිදුකරන මුවාවෙන් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන යමින් මුදල් වංචාකරන සිදුවීම් ගණනාවක් පසුගිය සමයේ වාර්තා වූ අතර, එම ආයතනවලට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් සිදුකරන වැටලීම් පුළුල් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

Read More

පළාත් සභා ඡන්ද විමසීම විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජිකත්වය නම් කෙරේ.

Read More

ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වනවිට අනුමතිය ලැබී ඇති බවත් මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

Read More

ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස නමය තුලදි මෙරට වැඩ වර්ජන 13 පැවති අතර ඉන් මිනිස් දින 12,418ක් අහිමිවි ඇති බැව් කම්කරු අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය අනුව, 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත, 1982 අංක 01 දරණ පනතේ 09 වන වගන්තිය හෝ 1990 අංක 47 දරණ පනතේ 09 වන වගන්තිය අනුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති හෝ දැනට විශ්‍රාම වැටුපක් ලබන පුද්ගලයින්ට, මෙම නව පනත ක්‍රියාත්මක වන දින සිට එම විශ්‍රාම වැටුප් ගෙවීම් නතර විය යුතු බව සඳහන් වේ.

Read More

ලසිත් මාලිංග හට පිරිනමා ඇති වේග පන්දු උපදේශක පුහුණුකරු ධුරයේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවරදී පවත්වා තිබේ.

Read More

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සතුව දැනට සීමිත ගබඩා පහසුකම් පැවතිම හේතුවෙන් එක්වරම ගෑස් විශාල ප්‍රමාණයක් මිලදි ගැනිමට හැකියාවක් නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

සැමියා විසින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට ඇති බැව් නෙළුව පොලිසිය පවසයි.අද අලුයම (20) මෙම ඝාතනය වී ඇත.මෙසේ ඝාතනය කොට ඇත්තේ තියබරාහේන හප්පිටිය නෙළුව ලිපිනයේ පදිංචි කාන්තාවකි.

Read More

සිය ආදායමින් උපයා ගතනොහැකි රුපියල් මිලියන 46 කට අධික අයතා වත්කම් රැස්කළේ යැයි රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අමහතා නියෝග කළේය . සැකකරු ට රුපියල් ලක්ෂ 50 ක වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කළේය.

Read More

‘ලාස්ට් ෂිප්’ ටෙලි කතා මාලාව තුල අතිශය ජනප්‍රියත්වයට පත් ඇමෙරිකන් ටෙලි නළු එරික් ඩේන් දිවි ගමන අවසන් කළේය.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ⁣හයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 20 පෙරවරුවේ නිකුත් කර තිබේ.

Read More

නිතිවිරෝධී මත්පැන් ජාවාරම හරහා පවුලක් විසින් උපයාගත් දේපළ ක්‍රියා විරහිිත කළ බව පොලීසිය කියයි. රුපියල් කෝටි ගණනක දේපළ මෙසේ ක්‍රියාවිරහිත කර තිබේ.

Read More
2026-02-20
20 02 2026 10:48:00
0 49

Read More

මධ්‍යම අධිවේගයේ පළමු කොටස වන කඩවත සිට මිරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම් මේ වන විට සියයට 42ක් අවසන් බව මහාමාර්ග අමාත්‍යාංශ්‍ය කියයි. එම කොටසේ වැඩ 2028දී අවසන් කර ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (20) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර පළාතේත්, මාතලේ, බදුල්ල, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ(Industrial Technology Institute ) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.එහිදී කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) වත්මන් තත්ත්වය, එහි ඇති පහසුකම් සහ පවතින ගැටලු පිළිබඳව නිරීක්ෂණය කිරීම සිදුවිය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හා මංකොල්ලකෑමෙන් දේපළ උපයාගෙන ඇතැයි සැකකෙරෙන සැකකරුවෙකුගේ රු. කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නිවසක් සහිත ඉඩමක් මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව දින 7ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කර ඇතැයි පොලීසිය කියයි.

Read More

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - කළුතර දිසා අපරාධ කොට්ඨාසය.

Read More

ඉන්දියාවේ පැවැත්වෙන කෘතීම බුද්ධිය පිළිබඳ සමුළුවකට ඒක්ව සිටින ජනපති අනුර කුමාර දිසානායක මහතා අද දින ලෝක නායකයන් කිහිප දෙනෙක් සමග ද්විපාර්ශ්විය සාකච්ඡා පවත්වා තිබේ.

Read More

නඩු කටයුතුවල අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම වෙනුවෙන් නව අධිකරණයන් 7ක් පිහිටුවීමට කටයුතු කර ඇති බවත් මේ වනවිට අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්යමණ්ඩය බදවා ගැනීම් සිදු කරන බවත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Read More

පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බව වාර්තා වන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.