ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අවසානයේදී
මෙම වසර අවසන් වන විට ඩිජිටල් හැදුනුම්පත් ලබා දීමත් සුපර් ඇප් පද්ධතිය එළිදැක්විමෙන් රාජ්‍ය සේවාවන් සියල්ල එක් තැනකට ගෙන එන බව ජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග විරරත්න මහතා පවසයි.
එසේම 2030 වන විට ඩිජිටල් ආර්ථික මෙහෙයුම්වලින් ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා වර්ධනය කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.
ශ්‍රි ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ 2026 වර්ෂයේ සැලසුම් කර ඇති සංවර්ධන සැලසුම් පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඩිජිටල්කරණය කිරීමේදී රාජ්‍ය ඩිජිටල්කරණය කිරීම , ඩිජිටල් කර්මාන්තය සංවර්ධන කිරීම , ඩිජිටල් ආර්ථිකය සංවර්ධන කිරීම , ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය ඉංජිනේරු ශ්‍රම බලකායක් ඇති කිරීම, ඩිජිටල් මාධ්‍ය භාවිතා කරන අනෙක්ත් ක්ෂේත්රයන් තුළ කාර්යක්ෂමතාව ඇති කිරීම යන ප්‍රධාන කර්තව්‍ය 05 කිරිමට බලාපොරොත්තුවන බවද හෙතෙම සඳහන් කළේය.
E-commerce වැනි ඩිජිටල් මාර්ගයෙන් කරන ගෙවීම් හරහා මුදල් නෝට්ටු භාවිතා කර සිදුකරන ගෙවීම් සියල්ලම ඩිජිටල් මාධ්‍යට ගෙන යාමත් ඒ හරහා රටේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම රටේ ජනතාවට ඔනෑම ස්ථානය සිට ඔනෑම වෙලාවක ගනුදෙනු කිරීමට හැකියාව ඇති කිරීමත් ඩිජිටල්කරණය කිරිම තුළින් බලාපොරොත්තු වන බවද පැවසිය.
කාර්යක බවත් රාජ්‍ය සේවයේ සිටින සියලුම නිලධාරීන්ට මෙන්ම රටේ ජනාතාවටත් ඩිජිටල්කරණය කිරීමට ඩිජිටල් මාධ්‍ය පරිහරනය කරන්නේ කෙසේද ? යන්න පිළිබඳව දැනුවත් කිරීමට වැඩපිිළිවෙලවල් සකසා ඇතැයිද පැවසුවේය.
ඩිජිටල්කරණය කිරීමේදි ශ්‍රි ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජන ආයතනය ,ශ්‍රි ලංකා පරිගනක හසිදි ප්‍රතිචාර සංසදය, ශ්‍රි ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන , ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව , දත්ත ආරක්ෂණ අධිකාරිය , පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන සමාගම මේ සඳහා සෘජුවම දායක වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩිජිටල්කරණය කිරිමේදි ඊට අවශ්‍ය ආයතන පිහිටුවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් සකසන බවද පැවසු අමාත්‍යවරයා , මාර්ගස්ථ සුරක්ෂිතභාවය පිළිබඳ පනත ඩිජිටල් අමාත්‍යංශයට ලැබි ඇති බවත් ඒ සඳසා කොමිෂන් සභාව පිහිටුවන බව සඳහන් කළේය.
ඩිජිටල් ආර්ථික පනත හරහා ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවිමත් එයින් රජයේ ඇති අමාත්‍යංශ ,ආයතන එක ඩිජිටල් පද්ධතියක් කරා ගෙන ඒමට සිදු කරන බවත් සයිබර් ආරක්ෂණ පනත ගෙන එන බවත් එයින් ඩිජිටල්කරණය කරා යන ගමනේදී සයිබර් අවකාශයෙන් වන ප්‍රහාරවලට මුහුණ දීමට මෙන්ම ඒ සඳහා අවශ්‍ය සයිබරි ආරක්ෂාව නිසි ආකාරයෙන් ඩිජිටල් පද්ධතිය තුළ බලාත්මක කරන බවද පෙන්වා දුන්නේය.
ඩිජිටල්කරණය තුළින් ශ්‍රි ලංකික සියලුම ජනාතාවට රාජ්‍ය සහ පෞද්ගලික සේවාවන්වලට ඉතාම කාර්යක්ෂමව ලගා විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සිදු කරන බවත් ඒ සදහා පසුගිය අයවැයෙන් සෘජුවම ඩිජිටල් අමාත්‍යංශයට රුපියල් බිලියන 16.5ක ප්‍රතිපාදන ලබා දී ඇතැයිද කිය.
ඩිජිටල්කරණය කිරීම රජය තනිවම සිදු නොකරන බවත් පෞද්ගලික අංශය සම්බන්ධ විය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
Gov Pay ඩිජිටල්කරණයේ හොඳ ආරම්භයක් බවත් එයින් ප්‍රධානම සේවවක් ලෙස ස්ථානීය රථ වාහන දඩ ගෙවිම් හඳුන්වා දිය හැකි බවත් එය QR Payment දක්වා වැඩි දියුණු කිරිමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය සේවාවන්ට AI තාක්ෂණය හඳුන්වා දීමත් , විදුලි සංනිවේදනයට අවශ්‍ය යටතල පහසුකම් ගමට ගෙනයාමත් , සිම් කාඩ් ලියාපදිංචිය නිසි අයුරින් සිදු කිරිමත් මෙම වසරේ සිදු කරන බවද පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
