තමන් ඇතුළු ක්රීඩකයන්ට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ ‘negative’ දේවල් බවත්, මෙලෙස සෘණාත්මක දේවල් පතුරවන්නේ ඇයිදැයි ගැටලු සහගත වන අතර, මේවා නැවැත්වීමට කුමක් හෝ රජය සිදු කළහොත් එය මානසික සුවයට පහසුවක් වන බව ශ්රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක පවසනවා.
ප්රේක්ෂකයන් සතුටු කිරීමට කිසිවක් ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බවද වැඩිදුරටත් ඔහු ප්රකාශ කර සිටියේ. (I J)