ඔඩිසිය ගැන දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණයක් නිසා සංචාරකයන් ගැටලුවක
අඹේවෙළ සිට බදුල්ල දක්වා (25) දින පස්වරු 1:30ට ධාවනය වූ ඕඩිසි දුම්රියේ මාර්ගගත (online) ක්‍රමයට ප්‍රවේශපත්‍ර ලබා ගත් සංචාරකයන්ට පමණක් එම දුම්රියෙන් ගමන් කිරිමට (25) දින අඹේවෙළ දුම්රිය ස්ථානයේ නිළධාරින් පියවර ගැනීමත් සමග විදේශිකයන් රැසකට එම දුම්රියෙන් ගමන් කිරිමට නොහැකි වු නිසා අඹේවෙළ දුම්රිය ස්ථානය තුල උණුසුම් තත්වයක් ඇති විය.
වෙනත් දිනවල ඕඩිසි දුම්රියෙන් ගමන් කිරිමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර ලබා ගත් සංචාරකයන්ට අමතරව එම දුම්රියෙන් ආසන නොමැතිව සිටගෙන යැමට කැමති සංචාරකයන්ට පළමු පන්තියේ ආසනයක් සදහා රු.7000ක මුදලක්ද, දෙවන පන්තියේ ආසනයක් සදහා රු.6000ක් සහ තුන්වන පන්තිය සදහා රු.5000ක මුදලක් ලබා ගෙන අඹේවෙළ දුම්රිය ස්ථානයේන් එම විදේශිකයන්ට ප්‍රවේශපත්‍රයක් නිකුත් කරනු ලබයි.
එසේ මුදල් රැගෙන ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම (25) දින සිට තහනම් කිරිමත් සමග එම දුම්රියෙන් ආසන සංඛ්‍යාවට අනුව සංචාරකයන් 359 දෙනෙකු පමණක් ගමන් කල අතර, එම දුම්රියෙන් ගමන් කිරිමට පැමිණි සංචාරකයන් 100කට ආසන්න පිරිසක් ගමන් කිරිමට නොහැකිව ආපසු ඔවුන් පැමිණි වාහන වලින්ම ඇල්ල දක්වා යැමට පියවර ගැනිණ.
විදේශික සංචාරකයන් රැගෙන ආ මග පෙන්වන්නන් කියා සිටින්නේ ඕඩිසි දුම්රියේ වෙනුවට වෙනත් දුම්රියක් එක් කල යුතු බවත්, නැතහොත් වෙනදා මෙන් මුදල් ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබා ගෙන විදේශිය සංචාරකයන්ට යෑමට අවස්ථාව ලබා දිය යුතු බවයි.
මාර්ගගත ක්‍රමයට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේදි ගැටළු රැසක් මතුවන නිසා එම මිලටම අඹේවෙළ දුම්රිය ස්ථානයේන් මුදල් ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබා ගෙන යැමට විදේශිකයන්ට අවස්ථාව ලබා දිය යුතු බවයි සංචාරක මග පෙන්වන් කියා සිටින්නේ.
අප මේ පිලිබදව අඹේවෙළ දුම්රිය ස්ථානයේ නිළධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝගයක් මත (25) දින සිට මාර්ගගත ක්‍රමයට ප්‍රවේශපත්‍ර ලබා ගත් විදේශිකයන්ට පමණක් දුම්රියෙන් ගමන් කිරිමට අවස්ථාව ලබා දෙන බවයි.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
