ගෑස් නැවක් හෙට එනවා
පෙබරවාරි මාසය සඳහා මෙරට ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 28,000ක් බවට වාර්තා වී ඇති අතර, එයට අදාල ගෑස් තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රටේ සමස්ත ගෑස් අවශ්‍යතාවයෙන් සම්මත වශයෙන් සියයට 80ක් පමණ ලිට්රෝ ගෑස් සමාගම විසින් සම්පූර්ණ කරන අතර, ඉතිරි සියයට 20ක් ලාෆ් ගෑස් සමාගම විසින් සපයන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනවාරි මාසයේදී රටේ ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 23,000ක් ලෙස පැවති අතර, රජය සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව සැපයුම්කරු විසින් මෙට්‍රික් ටොන් 24,000ක් ගෑස් සපයා ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලිට්රෝ ගෑස් සමාගමට අයත් මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් නෞකාවක් පසුගිය 22 වනදා දිවයිනට පැමිණ ඇති අතර, 23 වනදා තවත් මෙට්‍රික් ටොන් 3,900ක නෞකාවක් පැමිණි බවයි. එසේම, 26 වනදා තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවද ඔහු අවධාරණය කළේය.
ඒ අනුව, 20 සහ 22 යන දිනවලදී ගෑස් සිලින්ඩර 130,000ක් වෙළඳපොළට නිකුත් කර ඇති අතර, පවතින තත්ත්වය මගහැරෙමින් පවතින බවක් දැකිය හැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
