හෑෂ් අලිපේර වගාවෙන් සාර්ථක අස්වැන්නක්
කෘෂිකර්ම නව්‍යකරන ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවල නෙළුව ප්‍රදේශයේ ආරම්භ කරන ලද හෑෂ් අලි පේර වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී ඇත.
මීට වසර තුනකට පමණ පෙර නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ හෑෂ් අලි පේර වගාව යටතේ ගොවීන් තුන්සියය දෙනෙකු තෝරාගෙන ඔවුන්ට එම පැළ සහ අවශ්‍ය වෙනත් උපකරණ ලබාදී අක්කරඑකසිය පනහක මෙම වගාව ආරම්භ කර තිබිණි.
පෝෂ්‍ය ගුණයෙන් ඉහළ මෙම හෑෂ් අලි පේර වලට විදේශ රට වල ඉහළ ඉල්ලුමක් පවතින අතර ඒ තුළින් ඉහළ විදේශ විනිමයක් ලබාගත හැකියි.
සිනිඳු කොළ පැහැති සමක් ඇති අනෙකුත් අලිගැට පේර මෙන් නොව,ග්‍රෑම් 200 සිට 300 දක්වා බරැති හෑෂ් අලි පේරගෙඩියේ තද කොළ පැහැති ගැටිති සහිත පොත්තක් ඇති අතර එය ඉදුණු විට අඳුරු වන අතර අවසානයේ කළු පැහැයට හුරු ඉතා අඳුරු පැහැයක් ගනී.මෙම නිසා මෙම අලි පේර ඉක්මනින් නරක් නොවේ.
එහි අස්වනු නෙළීම (24) වෙනිදා ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා අතින් සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක එච්.කේ.පී ජයලත්,මතුරට ප්ලාන්ටේෂන් සමාගමේ උපදේශක බන්දුල හරිස්චන්ද්‍ර,නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක (බදුල්ල) හසන්තා උදයංගනී යන මහත්ම මහත්මීන් ඇතුළු කෘෂි උපදේශකවරු සහභාගී වූහ.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
