saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 129 hours ago

LATEST

දකුණේ ධීවර වරාය තුනක් සංවර්ධනයට

calendar_today 2026 පෙබ 10 - 11:30 remove_red_eye - 133  

ධිවර වරායන් වැඩිදියුණු කිරිම යටතේ මේ වනවිට දකුණු වෙරළ තිරය තුල පිහිටි දොඩන්දුව, හික්කඩුව, අම්බලන්ගොඩ, යන ධිවර වරායන් සංවර්ධනය කිරිමට සැලසුම් සකස්කොට ඇති බැව් ධිවර,ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය පවසයි.

පාර්ලිමේන්තුව පෙබරවාරි 17 වන අඟහරුවාදා සිට 20 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 2026.02.06 වන දින කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

Read More

බගවන්තලාව කොටියාගල වතුයායේදි මන්දකට හසුවිමෙන් කදුකර කොටියකු මිය ගොස් ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ එම වතුයායේ ඉහල කොටස ප්‍රදේශයේදි මෙසේ මන්දකට හසුවිමෙන් කදුකර කොටියකු මිය ගොස් ඇති බවට 10වන දින පෙරවරු 8.45ට පමන එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දැක ඒ පිලිබදව වතු අධිකාරිවරයා දැනුවත් කිරිමෙන් පසුව ඔහු විසින් පොලිසිය දැනුවත් කල බවත්ය.

Read More

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් එහි රියදුරු ලෙස කටයුුතු කළ අවුරුදු 17ක් තරුණයෙක් මියගොස් තිබේ. අද අලුයම් කාලයේදී කයිට්ස් පොලිස් වසමේදී මෙම සිදුවීම සිදුව තිබේ. වෑන් රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි‌යේ ඉන්දියාවට ඒරෙහි තරගයට ක්‍රීඩා කරන බව පාකිස්තානය නිවේදනය කරයි. මෙම තරගයට ක්‍රීඩා කිරීම පාකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එම තරගයට පැමිණෙන බව ඉන්දියාව තහවුරු කර තිබුණි. ලෝක කුසලාන තරගාවලිය යටතේ පවතින වඩාත් වැදගත්ම වාණිජ වටිනාකමක් සහිත මෙම තරගය පෙබරවාරි 15 ​​වන දින කොළඹදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ICC සාමාජිකයින් ගණනාවක් අනෙකුත් ජාතීන්ට මූල

Read More

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 32,000 කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතර පැවැති තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා කිරිමට සිම්බාබ්වේ කණ්ඩයම සමත්විය.

Read More

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලම පිළිකාව වේ. බුලත්විට, දුම්කොළ සහ පුවක් හැපීම මුඛ පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුවක් බවත්, දිනකට මුඛ පිළිකා රෝගීන් දසදෙනෙකු හදුනා ගැනෙන බවත්, දිනකට මුඛ පිළිකා රෝගීන් තිදෙනෙකුට ජීවිත අහිමිවන බවත් ජාතික පිලිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. කලින් හදුනා ගැනීමෙන් මුඛ පිළිකාව සුවකළ හැක. කල් පවතින සුදුලප, කල්පවතින රතුලප, කල්පවතින සුදු හා රතු ලප, මුඛයේ දැවිල්ල, ශ්ලේෂ්මල පටල තුනී වීම හා ඝන වීම පූර්ව මුඛ පිළිකා ලක්ෂණ බ

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්තය හා එංගලන්තය අතර පැවැති තරගයෙන් ලකුණු 73ක ජයක් වාර්තා කිරිමට ස්කොට්ලන්තය සමත්විය.

Read More

ආණ්ඩුවේ ඡන්ද පදනම සියයට 25ක මට්ටමට අඩුවී ඇති බවත් හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසිය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්වලදී ශ්‍රි ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග ඊයේ වාර්තා අතරට ඒක්විය. ඒ ඒම තරගයේදී ඔහු ලබාගත් කඩුලු තුනද සමගින් විස්සයි20 ලෝක කුසලාන තරගවලදී ලබාගත් කඩුලු සංඛ්‍යාව 40ක් වීම හේතුවෙනි. හසරංග බි ඳ හෙළනු ලැබුවේ ලසිත් මාලිංග කඩුලු 38ක් දවා ගනිමින් තිබූ වාර්තාවයි.

Read More

මස් සඳහා ඝාතනය කිරීමට රැගෙන යමින් සිටි ගවයින් දාහතර දෙනෙකු රැගත් ලොරි රථයකට අද (9) අලුයම් කාලයේදී වෙඩි තබා නතර කොට ලොරි රථය,ගවයින් දාහතර දෙනා සමග දෙදෙනෙක් බලපිටිය මහකරාවේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ සංග්‍රමික යතුරු පැදි ඒකකය කියයි.

Read More

යක්විල වේරහැර දම්පාඩිය ප්‍රදේශයේ අද 09 අලුයම 1.15 ට පමණ පැරණි වඩුමඩුවක් ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයන් තිදෙනෙකු විසින් යකඩ පොල්ලකින් සහ බීර බෝතලයක් කඩා පහරදීම හේතුවෙන් වඩුමඩුවේ හිමිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව කඳානේගෙදර පොලිසිය කියයි.

Read More

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස ලබන 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාස 02 කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් වෙනත් වසරවලට සමගාමීව මෙම වසරේදී බලාපොරොත්තු වූ වන්දනාකරුවන් පිරිසක් නොපැමිණීම හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව සිටින බව නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ වෙළඳ ප්‍රජාව පවසති.

Read More

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම පළාත තුළ නායයෑමේ සිදුවීම් 867ක් සිදුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස තරගාවලියේ තරග කීපයක් සදහා සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 02/08 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.

Read More

උඩවලව පොලිස් වසමේ උඩවලව තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී බැරියල් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ ළමයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ළමයා උඩවලව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 13 ක් වූ උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ඔහු බිඳ දමනු ලැබුවේ රුවන්ඩාවේ සැපී බිමෙන්යිමානා තරග 15කදී ලකුණු නොලබා දැවී ගොස් පිහිටුවා තිබූ වාර්තාවයි.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 20ක ජයක් වාර්තා කළේය.

Read More

නායක දසුන් ශානක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවි ගියේය. තරගයට පෙරාතුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පැවැසුවේ පසුගිය කාලයේ පැවැති තණතීරුවල ගැටලු තිබුණ බවත් අයි.සී.සී. තණතීරුවල තමන්ට දක්ෂතා අතරට පැමිණීමට හැකි වෙනු ඇති බවත්ය.

Read More

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාලයට එරෙහිව පැවති තියුණු තරගයකින් පසු එංගලන්තය ලකුණු 4 කින් තරගය ජයග්‍රහණය කිරීමට අද (08දා) සමත් විය.

Read More

අමිතිරිගල ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී තල්දූව, අද (8දා) සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (8දා) සමත් විය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්ත කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

Read More

බගවන්තලාව පොලිසියේ බැරැක්කියේ නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් පොලිස් නිළධාරියෙකු තියුණු ආයුධකින් ඇන බරපතල ලෙස තුවාල සිදු කිරිම හේතුවෙන් එම පොලිස් කොස්තාපල්වරයා (07) දින අලුයම දික්ඔය මූලික රොහ්ල වෙත ඇතුලත් කර ඇත.

Read More

හොරණ වැවිලි සමාගමට අයත් මස්කෙළිය ගවරවිල වතුයායේ වතු පාලන අධිකාරිය විසින් වැඩ තහනම් කර ඇති වතුකම්කරුවන් 08 දෙනාට යලිත් සේවයට වාර්ථා කිරිමට වතු පාලන අධිකාරිය ඉඩ ලබා නොදුන හොත් වතුකරය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නායක සහ පා.ම. මනෝගනේෂන් මහතා අවධාරණය කර සිටියි.

Read More

ගල් අගුරුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තක්සේරු කිරිම සදහා ගල්අගුරු පරික්ෂාවන් සිදුකොට ඒවායේ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළයුතු බවට ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් මරණකාරියන්ගේ නිවස ආසන්නයේ විදුලි කණුවක් කැඩී ගොස් තිබී ඇති අතර මෙම මව සහ දියණිය කරපිංචා ගහක කරපිංචා කැඩීමට ගිය අවස්ථාවේ කැඩී ගිය එක් විදුලි රැහැනක් කරපිංචා ගස මතට වැටී තිබියදී මෙම මවට හා දියණියට විදුලි සැර වැදී මරණය සිදුව ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.