වත්මන් රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගේ සේවා කාලය අද (05දා) අවසන් වීමට නියමිතය. ඒ් අනුව ඔහුගෙන් හිස්වන රේගු අධ්යක්ෂ ජනරාල් තනතුරට දැනට කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන විමල් ලියනගම මහතා හෙට (06දා) සිට පත්කිරීමට ජනපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.