අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරන මගී ප්‍රවාහන නෞකාවක වෛරසයක් පැතිරීම හේතුවෙන් ඒහි ගමන් කළ පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසීය.
මෙම නෞකාවේ හැන්ටා වෛරසය පැතිරි ඇති බවට සැක කරන අතර තවත් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක්
මෙන්ම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් පහක් සොයාගෙන තිබේ.
වෛරසය ආසාදනය වී ඇති අවුරුදු 69 ක් වන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි දැඩි සත්කාර ඒකකයේ සිටී.
මෙම වසංගතය වාර්තා වූයේ ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් දක්වා ගමන් කරමින් සිටි එම්වී හොන්ඩියස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේය.
හැන්ටා වෛරස් ආසාදන සාමාන්‍යයෙන් පාරිසරික නිරාවරණයට සම්බන්ධ වේ, එනම් ආසාදිත මීයන්ගෙන් මුත්‍රා හෝ මළපහ සමඟ සම්බන්ධ වීම, නමුත් දුර්ලභ අවස්ථාවන්හිදී මිනිසුන් අතර පැතිර යා හැකි අතර එය දරුණු ශ්වසන රෝග ඇති කරයි.
