කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් අද (5)අලුයම් කාලයේදී පලා ගොස් ඇති බව පොලීසිය කියයි. කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි මේ සැකකරුවන් දෙදෙනා එම පොලිස් සිර මැදිරිය විවෘත කරගෙන ඒ අවස්ථාවේ රාජකාරියේ සිටින පොලිස් නිලධාරීන්ට හොර රහසේ පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රදවා සිටි සැකකරුවන් දෙදෙනෙක් මෙසේ පලා ගොස් තිබේ. පලා ගිය සැකකරුවන් දෙදෙනාම කොස්ගොඩ පොලිස් වසමට අයත් ඉඳුරුව පදේශයේ පදිංචි අය බව පොලීසිය කියයි. පලා ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව කොස්ගොඩ පොලීසිය කියයි.