හෝමූස්හි සිරවි ඇති යාත්‍රා පිටතට ගන්න සහාය දෙනවා
හෝමූස් සමුද්‍ර සන්ධියෙන් සිරවී ඇති යාත්‍රා ඉන් පිටතට ගෙන යාමට එක්සත් ජනපදය ස දුදා සිට සහාය වන බව
ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
"ඉරානයේ, මැදපෙරදිග සහ එක්සත් ජනපදයේ යහපත සඳහා, අපි මෙම රටවලට පවසා ඇත්තේ ඔවුන්ගේ නැව් මෙම සීමිත ජල මාර්ගවලින් ආරක්ෂිතව පිටතට ගෙන යන බවත්, එවිට ඔවුන්ට නිදහසේ ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යා හැකි බවයි," ඔහු සමාජ මාධ්‍යවල සටහනක සඳහන් කළේ කුමන රටවල්ද යන්න සඳහන් නොකරමිනි.
ට්‍රම්ප් පැවසුවේ මෙම ක්‍රියාවලියට සිදුවන ඕනෑම මැදිහත්වීමකට "බලහත්කාරයෙන් කටයුතු කිරීමට සිදුවනු ඇති" බවයි.
පෙබරවාරි මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමූ අතර ඉන් ජාත්‍යන්තර වෙළදාමට දැඩි ගැටලුවක් ඇතිවිය. එක්සත් ජනපදය ඉරාන වරායන් සඳහා නාවික අවහිරයක් ද ක්‍රියාත්මක කර ඇත.
ට්‍රම්ප් තවදුරටත් පවසා සිටියේ එක්සත් ජනපද නියෝජිතයින් ඉරානය සමඟ "ඉතා ධනාත්මක" සාකච්ඡා පවත්වන බවත්, එම සාකච්ඡා "සියල්ලන්ටම ඉතා ධනාත්මක දෙයකට මඟ පෑදිය හැකි" බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
