තමිල්නාඩු මහ ඇමති ලෙස පත්වූ තලපති විජේ වෙනුවෙන් ශ්රී ලාංකික දමිල ජනතාවගේ සුබපැතුම් එක්කරන බව පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් අද (05) පාර්ලිමේනතුවේදී පවසා ඇත.
මීට පෙර තලපති විජේ කච්චතීවු දූපත ඉල්ලා සිටින බව ඔහු දැක ඇති බවත් ජනපති අනුර කුමාර දිසානායක ඊට විරෝධය ප්රකාශ කර තිබූ බවත් එහිදී මන්ත්රී වරයා ප්රකාශ කොට ඇත.
කච්චතීවු දූපත පමණක් නොව යාපනය ද තමිල්නාඩුවට ලබා දෙනලෙස ඔහු එහිදී වැඩි දුරටත් ප්රකාශ කර සිටි අතර තමිල්නාඩු ජනතාව එවිට තමන්ව ආරක්ෂා කරනු ඇතැයිද පැවසීය.
ඉන්ද්රමූර්ති ජයසූරිය