අතුරුගිරිය පොලිස් වසමේ අතුරුගිරිය කොට්ටාව මාර්ගයේ පරණ හන්දිය ප්රදේශයේදී කොට්ටාව දෙසට ධාවනය යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තාප්පයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇත. මරණකරුවන් අවුරුදු 20 වයසේ පසුවන මැදිරිගිරිය හා හලාවත ප්රදේශවල පදිංචිකරුවන් වේ.