saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 5901 hours ago

LATEST

අතරමැදි හා දිගුදුර බැලස්ටික් මිසයිල අත්හදා බැලූවා -කිම්

calendar_today 2022 ජන 30 - 18:01 remove_red_eye - 186  

තවමත් වැඩිදියුණු කරමින් පවතින හවුසොන්ග්-12 වර්ගයේ ආයුධ පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ සඵලතාවය මෙම පරීක්ෂණයෙන් තහවුරු වූ බවද වාර්තාව පවසයි.

සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මෙම උදාහරණය අනුගමනය කරන ලෙස අනෙකුත් සමාගම්වලටද දන්වා සිටින බවයි.

Read More

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස, අදාළ අංශවලට දැනුම් දී ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 2021 අ.පො.ස.උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වන දා ආරම්භ වීමට නියමිතය. එය අවසන් වන්නේ මාර්තු 05 වනදාය.

Read More

මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග නොකරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොමැති සන්ධානයක් ගොඩනගන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

වියට්නාමය, සිංගප්පුරුව වැනි රටවල් රටේ සම්පත් විදේශ ආයෝජකයන්ට දෙමින් දියුණු වූ බවත් ශ්‍රී ලංකාවේ සම්පත් “අපේ දේපල අපේ වස්තුව මේව කාටවත් දෙන්නෙ නැ කියමින් බදාගෙන හිරකරගෙන හිගන්නෝ හැටියට සිටින බව” හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

Read More

පෙබරවාරි 04 දාට යෙදන ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් චීන ජනපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවටත්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සුබ පැතුම් එක්කර තිබේ.

Read More

ඉදිරියේදී රටේ ආහාර හිගයක් ඇති වන බවට වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් එම වැරදි මතය සමාජගත කිරීම සඳහා මහත් වෙහෙසක් දරමින් සිටින බවකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

මේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන දා දක්වා සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ ඇති බවයි.

Read More

කොවිඩ් 19 වෛරසය යළිත් පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් ප්‍රකාශ කල බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වල මේ දිනවල ප්‍රචාරය වන බවත්, තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ නොකල බවත් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවැසූහ.

Read More

හාල්, ඖෂධ හා සිමෙන්ති ගෙන්වීම සඳහා පාකිස්තානයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.

Read More

ඒ අනුව කොළඹ පවතින ආර්ථිකමය වශයෙන් ඉතාමත් වැදගත් යෝක් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානය, ප්‍රධාන හිල්ටන් හෝටලය යනාදී වත්කම් මෙසේ අලෙවිකිරීමට නියමිතය.

Read More

“සන්ධානයේ සමහර පාර්ශවයන් බොහෝ වෙලාවට උත්සාහ කරනවා ආණ්ඩුව කරන ඒවට ඒ අය සම්බන්ධ නැහැ කියන්න. අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවේ හැම දේකටම මේ සන්ධානයේ සියලුදෙනා වගකියන්න ඕනෑ”

Read More

තඹුත්තේගමදී ගේට්ටුවකට යටවී කුඩා දැරියක මියගොස් ඇති බව පොලීසිය පවසයි. අවුරුදු 06ක් වන දැරියක් මෙසේ මියගොස් තිබේ.

Read More

නවතම වාර්තාවට අනුව මිසයිල දියත් කිරීමෙන් පසු දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවීමට නියමිතය.

Read More

(UPDATE) ඇටම්පිටිය ඌමා ඔයේ ගැරඩි ඇල්ලේ 29 දින සවස දිය නෑමට ගිය එකොළොස් දෙනෙකුගෙන් දියේ ජීවිතක්ෂයට පත්වූ පස්දෙනාගේම සිරුරු සොයාගත් බව පොලීසිය කියයි.

Read More

ලෝකයේ කොවිඩ්-19 වසංගතය මුල සිටම හොඳින්ම කළමනාකරණය කළ රටක් ලෙස නවසීලන්තය සැලකුණත්, නව ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ එරට තුළද මේ වනවිට ආසාදිතයන්ගේ ඉහළ යාමක් වාර්තා වෙයි.

Read More

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

රියෝ ද ජැනීරෝ සෞඛය ලේකම් පවසන්නේ බ්‍රසීලය තුළ නිවැරදි සෞඛ්‍ය පුරුදු සමග ඉහළ එන්නත් අනුපාතයක් තුළ වසංගතයේ පාලනයක් ගැන බලාපොරොත්තුවක් මෙවර ඇති කර තිබෙන බවයි.

Read More

ශ්‍රී ලංකාවෙන් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සාම්පල 88කින් සාම්පල 82කම ඔමික්‍රොන් ආසාදිතයන් වාර්තා වි ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

Read More

වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වැනි වරට රුසියාවේ දෛනික කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සෙනසුරාදා දිනයේදී 100,000ක් ඉක්මවා ගිය බව එරට කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජීවත්ව සිටි අවුරුදු 40ක් වූ ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර තමන්ද දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

දැනට පවතින කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ එන්නත් අනිවාර්ය කිරීම, මුඛ ආවරණ පැලදීමේ නියෝග සහ අගුලු දැමීමේ පියවරයන්ට විරෝධය දැක්වීම සඳහා එරට ට්‍රක් රථ සහ විරෝධතාකරුවන් දහස් ගණනක් කැනඩාවේ ඔටාවා අගනුවරට රැස්ව තිබේ.

Read More

බම්බලපිටියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් බිමට වැටී ඇති දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

කොවිඩ් ආසාදිත වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටනකට යාමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ් පිළිබඳව වන සාකච්ඡා සාර්ථක බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

එක එක කණ්ඩායම් එක එක් පුද්ගලයන් ලොක්කන් කියාගෙන සිටින පුද්ගලයන් ලොකු වින්දනයක් ලබාගෙන ජනාධිපතිකමට සුට් මහනවා. එසේ සූට් මහන අයගෙන් මම විමසා සිටින්නේ රටේ සංවර්ධනයක් කිරීමට හැකියාව තිබෙනවා ද? ජනතාවට සේවයක් කිරීමට හැකියාවක් තිබේද? කියායි.

Read More

අතරමන්ව සිටි හඳුන් දිවි පැටවෙකු අල්ලා නල්ලතන්නිය වනජිවි නිලධාරින්ට භාර දිමට හැටන් රුවන්පුර ජනපදයේ පදිංචි කරුවන් පියවර ගෙන තිබේ.

Read More

රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයක් ලෙස ඉදිකිරීමට යෝජිත තලපත්පිටිය මහල් නිවාස සංකීර්ණයේ (THE RESIDENCIS KOTTE) ඉදිකිරිම් කටයුතු (31දා) ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමියේදී සිදු කෙරේ. මෙහි සමස්ථ ආයෝජනය රු. බිලියන 1361.4 කි.

Read More

වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ සමගි ජනබලබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වැඩ වැඩපිළිවෙළ ආරම්භ කොට තිබෙන බවත් දැනටමත් අමාත්‍යංශ නිලධාරීන් පත් කොට එහි වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.