saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4606 hours ago

LATEST

ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩියි - ඩීසල් රු 12ක්, භූමිතෙල් රු 22ක් පාඩුයි

calendar_today 2022 නොවැ 09 - 10:42 remove_red_eye - 376  

ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණය අසල සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට එක්වීම සඳහා ඊජිප්තුවට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය අතර හමුවක් පවත්වා ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි. මෙහිදී ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

96 ලෝක කුසලානය ගහන වෙලාවේ අපේ ගියේ 14 දෙනයි. 11 දෙනෙක් ගහනකොට 3 දෙනෙක් එළියේ හිටයා. කවුරුවත් ආබාධ වුණේ නෑ. 2014 විස්සයි20 ලෝක කුසලානයේදී කවුරුවත් ආබාධවලට ලක්වුණේ නෑ. මේ වා ගැන හොයන්න තේරීම් කාරක සභාවක් දාන්න. විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විගනණය කරන්න. ලෝක කුසලාන තරගාවලිය ගැන සොයා බලන්න

Read More

වන සතුන්ගේ අස්වැන්නට සියයට 40ක හානියක් - අපේ රටේ ගොවි ජනතාව විසින් වගා කරන භෝගවලට වැඩිපුරම හානිකරනු ලබන්නේ වන සතුන් හය දෙනෙක් විසින් බව සමීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. විශේෂයෙන් අලියා, මොනරා, රිළවා, වඳුරා, වල්ඌරා හා දඩුලේනා ඒ අතරින් ප්‍රධාන වේ.

Read More

රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

Read More

සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු’ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය දිස්ත්‍රික්ක පුරා සංවිධානය කරන උද්ඝෝෂණ වටයේ පළමු උද්ඝෝෂණය මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී ඊයේ (8දා) දින සිදු කෙරුනි.

Read More

“දැන් යනවා ධනුෂ්ක ගුණතිලකගේ සිදුවිමක්. ඒ සිදුවීම මේ රටේ සිදුවුණ පළමු වැනි සිදුවිම නෙමෙයි. මිට කලින් ඔස්ට්‍රේලියාවේ ගිහින් එහෙම වැඩ කරපු ඇමතිවරුත් හිටියා. මෙය පළමු සිදුවීමත් අවසන් සිදුවීමත් නොවෙයි. මෙ සිදුවීමේන් අප ගත යුත්තේ කුමක්ද? මේ රටේ විනයක් නැතිකමේ එක් ප්‍රතිඵලයක් තමයි ඒ. රට නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන එක්කෙනෙක් එහෙම හැසිරෙන කොට රටේ තියෙන විනය තමයි එතනදී විදහා පාන්නේ.

Read More

“පළාත් පාලන මැතිවරණය කල් දාන්න හදන උපක්‍රමවලට මගේ හිතවතෙක් වන අපේ මහින්ද දේශප්‍රිය මහතාගේ නම දැන් පාවිච්චි කරනවා. මහින්ද දේශප්‍රිය මැතිතුමාට මම කියන්නේ මේකට අහු වෙන්න එපා. ඔබතුමාව පාවිච්චි කරලා එළියට විසිකරන්න යන්නේ. ඔබතුමාව ඉදිරියට දාලා ඡන්ද කල් දාන වැඩසටහනක් ගේන්න යන්නේ. අපි මේක පරද්දනවා, අපි මේක පරද්දනවා. මහින්ද දේශප්‍රිය මැතිතුමාට මගේ මිත්‍රයාට ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නෙ මේකට අත තියන්න එපා. ඔබතුමාව ඉවරවෙන වැඩක් තමයි මේ ආරම්භ වෙන්නේ”

Read More

දේශගුණ සුහුරු වාරි කෘෂීකාර්මික ව්‍යාපෘතිය (CSIAP) යටතේ ඉදිකල මඩකලපුව මියන්ගල් වැව, පෙරියවට්ටුවාන් අමුණ ඇතුළු තවත් වැව් අමුණු කිහිපයක් නිරික්ෂණය කිරිම සදහා අද (08) පෙරවරැවේ එහි යෑමට පිටත් වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට එම මාර්ගයේ ඇති දැඩි අබලන් තත්වය නිසා ගමන අතරමග නතර කර නිළධාරීන් සමග මහ පාරේ සාකච්ඡා කර ආපසු ඒමට සිදු විය.

Read More

‘කතානායකතුමනි, දිස්ත්‍රික් ලේකම්වරයාට වහාම කරුණු පැහැදිලි කරන්න කියලා වහාම යවලා තියෙන්නේ. ඒ අනුව අවශ්‍ය පියවර අප ගන්නවා ඇති. දරුවෙක්ට නොවේ කාටවත්, තමන්ගේ ජීවත් වීමේ අයිතිය කිසිම රාජ්‍ය සේවකයෙක්ට යටපත් කරන්න හෝ අපහාසයට ලක් කරන්න බැහැ. ඒ ප්‍රතිපත්තිය උඩ අපි කටයුතු කරනවා.’

Read More

2022-2023 වර්ෂය සදහා ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රී පදස්ථානාධිපති පැල්මඩුල්ල රාජමහා විහාරය, රත්නපුර පොත්ගුල් විහාරය උභය විහාරාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකාචාර්යය අතිපුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසූහ.

Read More

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු හෙට (09දා) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබේ. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසකගේ සභභාගිත්වයෙන් මෙම ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය.

Read More

ඉතිහාසය පුරාවටම රටට කුමන ගැටලු පැන නැගුනත් ඒ සෑම අවස්ථාවකදීම මහා සංඝයා වහන්සේලා රට රැක ගත්තා යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

එළඹෙන පාපන්දු ලෝක කුසලානයේදී සමලිංගිකත්වය ගැටළුවක් වන බව කටාර් හි පාපන්දු ලෝක කුසලානයේ සන්නාම තානාපති කලිඩ් සල්මාන් පවසයි. ජර්මානු රූපවාහිනියකට අදහස් දක්වමින් හෙතෙම සමලිංගිකත්වය මනසට හානිකරන කාරණයක් බව දන්වා ඇත.

Read More

සංවර්ධන බලපත්‍ර සඳහා කඩිනමින් අනුමැතිය ලබාදීමට “One Stop Unit” ක්‍රමය හඳුන්වාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (10දා) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටල පරිශ්‍රෙය්දී පැවත්වේ.

Read More

බදු කපලා මේ රට කාබාසිනියා කරපු නායකයාට පවුලත් එක්ක මැරෙනතුරා ජිවත් වෙන්න අපේ බදු වලින් ගෙවන්න වෙලා. අපි උදේ දකිනවා ඇවිදින්න යනවා හමුදා නිලධාරීන් වටේට යනවා 30ක් විතර. වාහන යනවා පහක් විතර. රජයට අය කරගන්නා බදු මුදලින් දවසට 150000ක් විතර වෙන් කරන්න ඕන උන්දැට අවිදින්න.

Read More

රුසියාවේ උපාය මාර්ගික න්‍යෂ්ටික සබ්මැරීනය, ’Generalissimo Suvorov’ සේවා සඳහා වූ පරීක්ෂණ සම්පූර්ණ කරයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් නීතිපතිගේ නිර්දේශ මත නිදොස්කොට නිදහස් කිරීම ජනතාව මුලා කිරීමේ නාටකයක් බවත්, ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රයට අනුව ගෙන යන මෙම වැඩපිළිවෙල තරයේ හෙළා දකින බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවේ පිහිටුවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පත් කිරීම සඳහා සභාවේ අනුමතිය ලබා ගනු පිණිස පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) පාරලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

ස්පාඤ්ඤය සහ ජර්මනිය යන රටවල් මෙම උණුසුම් කාලගුණික තත්ත්වයේ දරුණුතම බලපෑමට ලක් වූ රටවල් අතර වේ.

Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීමකින් තොරව ඉදිරි මාස තුන තුල දී ලබා දීමට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

IMF විශ්‍රාම වැටුපක් හා මහ බැංකුවේ ලක්ෂ 25ක වැටුපක් - අලුතෙන් පතවුණ මහ බැංකු අධිපතිට මම දන්න තරමට වැටුප් දෙකක් තිබෙනවා. මහ බැංකුවෙන් ලැබෙන රුපියල් ලක්ෂ 25ක වැටුප. අනිත් වැටුප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් විශ්‍රාම වැටුප. එතුමා අවුරුදු තුනක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙනුවෙන් වැඩ කරලා තියෙනවා.

Read More

දේශසීමා මුර සංචාරය විසින් අත්අඩංගුවට ගැනීම් 205,000ක අගය මෙම වසරේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම සංඛ්‍යාව විය.

Read More

ධනුෂ්ක ගුණතිලකගේ නඩු කටයුතු වෙනුවෙන් යන නීතිමය වියදම් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභූ දේශපාලනඥයකු විසින් යැයි ඇතැම් මාධ්‍ය වල වාර්තා වන තොරතුරු සත්‍ය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

රුපියල් කෝටි දෙකකට ආසන්න තහනම් වල් නාශක තොගයක් ආලංකුඩාව ප්‍රදේශයෙදී සැකකරුවකු හා කැබ් රථයක් සමග අද (8දා) අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

Read More

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවෙන් සමන්විත BRICS ආර්ථික සන්ධානය සමග සම්බන්ධ වීමට ඇල්ජීරියාව නිල අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

Read More

අවුරුදු 35ට අඩු තරුණයන්ට සියයට 25ක පළාත් පාලන ආයතන වල නියෝජනය තහවුරු කිරීම සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පැවසීය.

Read More

මෙරට කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට ලයිසන් ලබා දීමට පෙර එම ව්‍යාපාර නියාමනයට ආයතනයක් පළමුවෙන් ස්ථාපිත කළ යුතු බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.