ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. එම මිල අද (8) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මේ වන විට පාන් රාත්තලක් රුපියල් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිධ මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බවත් ජයවර්ධන මහතා කීය.
කෙසේ වෙතත් බනිස් සහ රෝස්පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.