වසරේ ගතවූ කාලය තුළ පැවැති උද්ඝෝෂණ හා විරෝධතා නිසා පෞද්ගලික බස් රථවලට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 500කට ආසන්න බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
බස්නාහිර පළාත තුළ පමණක් මෙම අලාභය සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී පොලිස්පතිවරයාට හා මානව හිමිකම් කොමිෂමට සිිහි කැඳවිමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසීය.
ජුලී මාසයේදී බස් ගාස්තු සම්බන්ධයෙන් ජනතාවට සහන දීමට හැකි බවත් ඊට පෙර සහනයක් ලැබෙතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.
ඉන්ධන මිල රු. 10කින් පමණ අඩුවුවහොත් බස් ගාස්තු අඩු වීමක් සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවද ඔහු ප්රකාශ කළේය.