එතනෝල් ලීටර් ලක්ෂ 17 අලෙවිකිරීමට නොහැකිව ගොඩගැහිලා
ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වලට අනුබද්ධිතව පිහිටා ඇති ස්කාගාර වල නිෂ්පාදිත එතනෝල් (පානීය මධ්‍යසාර) ලීටර් දාහත්ලක්ෂයක් අලෙවිකිරීමට නොහැකිව ටැංකි වල ගොඩගැසී ඇතැයි ලංකා සීනි සමාගමේ පාලනාධිකාරිය පවසයි.
පැල්වත්ත ස්කාගාරයේ ලීටර් ලක්ෂ නවයක්ද,සෙවනගල ස්කාගාරයේ ලීටර් ලක්ෂ අටක්ද මෙලෙස ගොඩගැසී ඇත.
එතනෝල් මිලදීගැනීම සඳහා ගැනුම්කරුවන් ඉදිරිපත්නොවීම ඊට හේතුවයි.
මෙම එතනෝල් වල වටිනාකම රුපියල් කෝටි 204 පමණ වේ.ලංකා සීනි සමාගම මඟින් එතනෝල් ලීටරයක් රුපියල් 1,200 බැගින් අලෙවිකරයි.
අරක්කු මිල ඉහළයාම,ප්‍රවාහන වියදම් වැඩිවීම,බදු වැඩිවීම,බඩඉරිඟු වලින් එතනෝල් නිෂ්පාදනයකිරීම නිසා ලංකා සීනි සමාගමේ එතනෝල් මිලදීගැනීමට ගැනුම්කරුවන් ඉදිරිපත්නොවන බව දැනගන්නට ඇත.
මේ පිළිබඳව ලංකා සීනි සමාගමේ පැල්වත්ත කර්මාන්තායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා මෙසේ කීය,
ලංකා සීනි සමාගම විශාල ආදායමක් ලැබුවේ පැල්වත්ත සහ සෙවනගල ස්කාගාර වල නිෂ්පාදනය කරන එතනෝල් අලෙවි කිරීමෙන්.විවිධ හේතූන් මත එතනෝල් මිලදීගැනීමට ගැනුම්කරුවන් ඉදිරිපත්වෙන්නේ ඉතාමත් අඩුවෙන්.
ඉදිරියේදී පාලනාධිකාරිය සමඟ සාකච්ඡාකොට එතනෝල් ලීටරයක විකුණුම් මිල රුපියල් 1,200 සිට 1,000 දක්වා අඩුකිරීමට සැලසුම්කර තිබෙනවා.
මොණරාගල සුමනසිරි ගුණතිලක
popular news
-
Kumar Tuesday, 07 March 2023 04:15 PM
ethanol patrol mishrakarala alevikaranna barikamak naha. Californiayawe maylesa ethanol mishrakarala indhana salwala alevikaranawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

