මෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික ධූර කාලය මෙම වසරේ මාර්තු මස දී අවසන් වීමට නියමිතව ඇතත්, වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති අප්‍රසාදය සඟවා තබා ගැනීම උදෙසා ආණ්ඩුව තවදුරටත් මැතිවරණ පැවැත්වීම කල් දැමීමේ දැඩි උත්සාහයක නිරතව සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ වනවිට විවිධ කූට උපායන් 22ක් පමණ යොදා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත් විඒ සියලුම උත්සාහයන් අසාර්ථක වූ තැන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිකුත් නොකිරීම ආණ්ඩුවේ අවසන් උපක්‍රමය වී ඇති බව පෙනෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
27/2යටතේ ආණ්ඩුවට ප්‍රශ්න කිහිපයක් යොමු කරමින් විපක්ෂනායකවරයා වැඩිදුරටත් පැවැසුවේ ඡන්යද කල් දැමීම ප්රජාතන්ත්රවාදයේ ඉඩප්රස්ථා හැකිලීමක් බවයි.