කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි බන්ධනාගාර රැදවියෙකු එයින් පළා යාමට ගිය අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි පහරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අද අලුයම මෙසේ සැකකරු බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කර ඇති අතර එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලත් සැකකරු කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු 33ක් වන මැල්සිරිපුර පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.