දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීම සඳහා අවශ්‍යව ඇති බැවින්අරගල සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම ලබන අප්‍රේල් මස 20 වනදා සිට 30 වනදා දක්වා අතර කාලයේ දී ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.
තම සේවාදායකයාට පණවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් කල ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණයේ මෙන්ම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු අමාත්‍ය සී බී රත්නායක සහ මිලාන් ජයතිලක යන අයවලුන්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.