saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4614 hours ago

LATEST

ධනුෂ්කගේ සිදුවීම ගැන මහේල කී දේ

calendar_today 2022 නොවැ 07 - 11:30 remove_red_eye - 1734  

කනගාටුවට කරුණක්. අන්තිම තරගය ඉවරවෙලා රාත්‍රි යේ තමයි ඒ ගැන දැන ගන්න ලැබුණේ. අපි පහුවෙනිදා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වුණා. මාධ්‍යවල පළවෙලා තියෙන කරුණු තමයි අපිත් දන්නේ.පෞද්ගලිකව ක්‍රීඩකයන්ගේ හැසිරීම් ගැන ඔවුන් වගකීමක් භාර ගත යුතුයි.

කාන්තාවකට අතවර කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ සිඩ්නි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයවල වැඩ කටයුතු ඉදිරියටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ සිදු කෙරේ.

Read More

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා ඊයේ (06) හමුවිය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව පසුගිය 06 වනදා රාත්‍රී 11 සිට 07 වනදා අලුයම දකවා කාලය තුලදී සිදුකළ මෙහෙයුමකදී හම්බන්තොටට සිට මුහුදු සැතපුම් 12ක පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කලහකාරී ලෙස හැසිරෙන රැඳවියන් අද පෙරවරුවේ එම කඳවුරු භූමිය තුළ ඇති 9 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් අයත් අවි ගබඩාවට පැමිණ එහි අවි ගැනීමට තැත් කිරිමේදී වහාම ක්‍රියාත්මක වූ සොල්දාදුවන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කීරිමට කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට යාමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ, පන්දුයැවීම හා පන්දු රැකීම යන අංශ තුනෙන්ම අඩුපාඩු සිදුවූ බව ශ්‍රී ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පැවැසීය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුව යළිත් සකස් විවෘත කර තිබේ. තංගල්ලේ, කාල්ටන්හි පැවැති මෙම පිළිරුව පසුගිය මැයි 9 දා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මත බිමට කඩා දැමීමට පිරිසක් කටයුතු කළේය.

Read More

බස්නාහිර පළාතේ ලියාපදිංචි එමෙන්ම පූර්ණ කාලීන වශයෙන් කුලී රථ ලෙස කටයුතු කරන ත්‍රි රෝද රථ සඳහා අද රාත්‍රි යේ සිට ඉන්ධන ලිටර් 10ක් ලබා ගැනීමට අවස්ථාව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) ඇමරිකානු ඩොලර් මිලියන 300 ක සහනදායි ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

Read More

වත්මන් පාර්ලිමේන්තුව තුළද්විත්ව පුරවැසියන් දස දෙනෙකු පමණ සිටින බවත් ඔවුන් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය සඳහා අත්සන් කරන බැවින් ජනාධිපති කාර්යාලයේ ද ඊට අවශ්‍ය ලේඛන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය .

Read More

ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය බලය බෙදීය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒකීය රටක් ලෙස ආර්ථික, දේශපාලන හා සමාජීය අතින් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ එවැනි පරිපාලන බලන බෙදීමකින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

Read More

තත්වයෙන් අසමත්විම හේතුවෙන් රුපියල් අනුදෙකෝටි, අනුහත්ලක්ෂ, එක්දහස්නමසිය, හැත්තැඅටක්, (929,701,978)ක වටිනා වෛද්‍ය සැපයිම් 56ක් භාවිතයෙන් ඉවත්කර හෝ භාවිතය අත්හිටුවා තිබු බව ජාතික විගණන කාර්යාල පවසයි.

Read More

මන්දපෝෂණ තත්ත්වය දිවයිනේ වැඩියෙන් වාර්තා වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශයේ ඉහළ තනතුරු රැසකම පරිපාලන නිලධාරින් පුරප්පාඩුව පවතින බව එම දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් කියා සිටියි.

Read More

ඩාර් එස් සලාම් අගනුවර සිට පිටත් වූ ගුවන් යානය ’’කුණාටු සහ අධික වර්ෂාව හේතුවෙන් අද උදෑසන වික්ටෝරියා විලට වැටී ඇති බව’’ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඒ අනුව සුදු බිත්තරයක් රු 54 , රතු බිත්තරයක් රු 55 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇත්තේ බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් බිත්තර තොග මිල උපරිම සිල්ලර මිලට වඩා වැඩි කර තමන්ට අලෙවි කිරිම බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

Read More

රජයේ බංගලා සහ ලොරිස් පටුමගේ නිවාස වල පදිංචිව සිටි මැති ඇමතිවරු 92 නෙකුගෙන් හිග නිවාස කුලි ලෙස රුපියල් හැත්තෑනම ලක්ෂ පහළොස් දහස් නමසිය අටක (7,915,908) ක මුදලක් අයවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

ඉම්රාන් ඛාන් රෝහලක පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමාට එරෙහි ඝාතන තැත ගැන විමර්ශනය කිරීම සඳහා රජය විසින් අධිකරණ කොමිසමක් ඉදිරිපත් කිරීම තමා සාදරයෙන් පිළිගන්නා බවයි.

Read More

ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂය අතර මේ වනවිට දේශාපාලන වශයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එම අර්බුදයේ අනිටු ප්‍රතිවිපාක විදිමට සිදුව ඇත්තේ රටේ ජනතාවට බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

Read More

සැප්තැම්බර් අගදී ’’අර්ධ බලමුලු ගැන්වීමක්’’ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මොස්කව් සිය සන්නද්ධ හමුදාවන්ට 318,000ක් බලමුලු ගන්වා ඇති බව පූටින් පැවසූ බව ඉන්ටර්ෆැක්ස් සිකුරාදා වාර්තා කළේය.

Read More

කල් ඉකුත් වූ ෆසියනර් එන්නත් මාත්‍රා මිලියන හයක් පමණ මාත්‍රා (කුප්පි මිලියනයක් පමණ) පසුගිය 31 දා කල් ඉකුත්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 1.4ක් බව වාර්තා වෙයි.

Read More

73 හැවිරිදි චාල්ස්, ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයෙන් සැප්තැම්බර් මාසයේදී උරුමයෙන්ම රජ බවට පත් විය.

Read More

බංග්ලාදේශ කණ්ඩායමට එළඹෙන විස්සය20 ලෝක කුසලානයේදීත් කෙලින්ම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව (සුදුසුකම් ලබාගැනීමේ තරග ක්‍රීඩා නොකර සුදුසුකම් ලැබිම) ඇහිරී ගියේය.

Read More

2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 ඔක්තෝම්බර් මාසයේදී සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 75.6ක් වූ අතු 2022 සැප්තැම්බර් මාසයේදී එම අගය ඩොලර් මිලියන 54 ක් විය.

Read More

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්ථානය සමත්විය. ඒ අද බංග්ලාදේශය සමගින් පැවති තරගයේ ජය කඩුළු 5 කින් හිමිකර ගනිමිනි.

Read More

රජයට අයිති ව්‍යවසායන්වල උසස් නිලධාරීන් විශ්‍රාම යන විට ඔවුන් භාවිත කරන නිල වාහනවල අයිතිය ඉහළ නිලධාරීන්ට පැවරීමේ ක්‍රමය නතර කරන ලෙස මහා භාණ්ඩාගාරය රජය සතු ව්‍යවසායන්ට (SOEs) නියෝග ලබා දී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

මහින්ද දේශප්‍රිය මහත්තයා ඔබ සැබෑ සමාජවාදියෙක් නම් ඔබ සැබැවින්ම රටට ආදරය කරනවා නම් ඔබ සැබැවින්ම මැතිවරණ වෙලාවට පවත්වන මතයේ සිටින පුද්ගලයෙක් නම් කරුණාකරලා මැතිවරණ කල් දමන්නට නිර්මාණය කරපු තනතුරෙන් ඔබ ඉල්ලා අස්වෙන්න. රජයට අභියෝගයක් කරනවා පුලුවන් නම් මැතිවරණයක් තබන්න.මේ රටේ ලක්ෂ 220 ක් ජනතාව බලාගෙන ඉන්නවා වර්තමාන ආණ්ඩුව පිළිබඳව ජනතා තීන්දුව ලබා දෙන්න ’’

Read More

කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුන ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි හි පැරමාටා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් අප් කණ්ඩායමක් නිර්මාණය කොට ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශනවලට එම එම සිසුන් පොලඹවා ගනිමින් නවක වදය ලබා දීමට තැත් කළ බව කියන සිසුන් පිරිසක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා විසින්පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ.

Read More

තියුණු ආයුධයක් පෙන්වා වෙන්නප්පුව උල්හිටියාව මාලු වෙළදපොලේ රථ ගාලේ නතර කර තිබු අධි ශිතාගාර සහිත ලොරියක් පැහැර ගැනිමට සැලසුම් කළ 26 හැවිරිදි තරුණියක්, ඇගේ මව ඇතුලු තිදෙනකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.