හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් දික්ඔය වනරාජා වත්තේ මැණික් වත්ත කොටස ඇතුළු වතු ගණනාවක විදුලි පාරිභෝගිකයන්ට සිව් මසක් තිස්සේ මාසික විදුලි බිල්පත් නිකුත් නොකිරිමෙන් එම විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
දික්ඔය මැණික් වත්ත සහ ඒ අවට පිහිටි වතු වල විදුලි පාරිභොගිකයන්ට අවසන් වරට ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලය විසින් විදුලි බිල්පතක් නිකුත් කර ඇත්තේ 2022.ඔක්තෝම්බර් මස බවත්, ඉන් අනතුරුව මේ වන තෙක් විදුලි බල මණ්ඩලයෙන් කිසිදු විදුලි බිල්පතක් නිකුත් කර නොමැති බවයි එම වතුවල පදිංචි විදුලි පාරිභෝගිකයන් කියා සිටියේ.
අවසන් වරට නිකුත් කර තිබු විදුලි බිල්පතෙහිද තමන්ට දරාගත නොහැකි අධික විදුලි බිලක් ලැබුණු බවත්, ඒ අනුව සිව් මසකට එකවර භාවිතා කල විදුලි ඒකක ගණනට අනුව විදුලි බිල්පතක් නිකුත් කලහොත් එම බිල්පත තමන්ට ගෙවිමට අදායම් තත්ත්වයක් නොමැති බවයි එම විදුලි පාරිභෝගිකයන් කියා සිටියේ.
තවද සිව් මසටම එක් විදුලි බිල්පතක් නිකුත් කලහොත් එම බිල්පතෙහි භාවිතා කල විදුලි ඒකක ගණන වැඩිවන බවත්, එසේ වැඩි වන විදුලි ඒකක ගණනට වැඩි වු විදුලි ඒකක මිල අනුව විශාල විදුලි බිල්පතක් ලැබෙන බවයි හැටන් දික්ඔය මැණික් වත්තේ විදුලි පාරිභෝගිකයන් කියා සිටියේ.
පවත්නා තත්ත්වය තමන්ට විදුලි බල මණ්ඩලයෙන් නිකුත් කරන විදුලි බිල්පත ගෙවිමට නොහැකි වුවහොත් විදුලි බල මණ්ඩලයෙන් තම නිවසට ලබා දි ඇති විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට පවා ඉඩ ඇති බවයි පාරිභෝගිකයන් වැඩිදුරටත් කියා සිටියේ.
වතුයායේ වතු කම්කරුවන් නගන චෝදනාව සම්බන්ධයෙන් අප ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ විදුලි ඉංජිනේරු වාණිජ අමල් සේනාරත්න මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම විදුලි ඉංජිනේරු කාර්යාලය යටතේ පාලනය වන ප්‍රදේශය තුල මනු කියවන්නට ඇත්තේ මනු කියවන්නන් 28 දෙනෙකු බවත්, එම මනු කියවන්නන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා තම බල ප්‍රදේශයේ සියළුම පාරිභෝගිකයන්ට මාසිකව විදුලි බිල්පතක් නිකුත් කිරිමේදි ගැටළුවක් පවතින බවයි.
හැටන් දික්ඔය ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන්ට ඒ අනුව මාස කිහිපයකම විදුලි බිල්පතක් නිකුත් කිරිමට නොහැකි වි ඇති බව තමන් පිලි ගන්නා බවත්, එම විදුලි පාරිභෝගිකයන්ට කඩනමින් එම මාස වලට අදාල විදුලි බිල්පත වෙන් වෙන් වශයෙන් නිකුත් කර එම බිල්පත් ගෙවිම සදහා එම පාරිභෝගිකයන්ට සහන කාලයක් ලබාදෙන බවයි අමල් සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.