වීරකැටියේ පුංචි යුද්ධයක්
වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
ගැටුම අතර තුරදී කන් දෙක සපා කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත.
ගැටුමෙන් පොලිස් නිළධාරීන් 05 දෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. සිවිල් වැසියන් දෙදෙනා සහ පොලිස් නිළධාරීන් සිවු දෙනකු තංගල්ල මූලික රෝහලේ ප්රථිකාර ලබමින් සිටිති.
වීරකැටිය පොලීසියේ නිළධාරීන් පිරිසක් වීරකැටිය පොලිස් වසමේ ගෝනදෙනිය ප්රදේශයේ කසිප්පු වැටලීමකට ගොස් නැවත එන අතර තුරදී අත්තනයායේ ප්රදේශයේ මාර්ගයේ රැදී සිටි කිහිප දෙනකු පරීක්ෂාවට ලක් කොට තිබේ. ඒ අතර තුරදී තරුණයන් දෙදෙනෙකු හා පොලිස් නිළධාරීන් අතර බහින් බස් වීමක් ඇති වූ බවට තොරතුරු තිබේ. අනතුරුව එය ගැටුමක් බවට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

