saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 46 hours ago

LATEST

උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි

calendar_today 2025 ඔක් 04 - 20:29 remove_red_eye - 700  

උඩුනුවර සමූපාකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාපත්කර ගැනීම සඳහා වු ඡන්දයේදී පොදු විපක්ෂ නියෝජනය කළ කණ්ඩායම ඡන්ද 09-00 ක් වශයෙන් ජයග්‍රහණය කොට තිබේ.

අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට සුවිසුද්ධාරාම විහාරස්ථානය විසින් සංවිධාන කර ඊයේ (3) රාත්‍රී සංචාරය කෙරුණු පෙරහරක කාවාඩි නටමින් සිටි විසි හැවිරිදි තරුණයකු හදිසියේම අසනීපවී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

තද වැසි පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පස්වරු 5.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි. බස්නාහිර, වයඹ හා සබරගමුව පළාත් හා ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

පවතින අධික වර්ශාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අද (4) පස්වරු 6.00 සිට හෙට (5) පස්වරු 6.00 දක්වා දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට නායයාමේ පුර්ව අනතුරු හැගවීමේ පනිවිඩ නිකුත් කර ඇත .

Read More

“පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ ව්‍යපෘති නිසා ජනතාවට මතුවන ගැටළු මානුෂිකව සළකා බලා ඒවා විසදන්නත් ගත හැකි සියළු පියවර ගන්නවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ජාතික අවශ්‍යතාවයක් සහ ජාතික වැඩපිළිවෙලේ කොටසක් බව හැමෝම වටහා ගත යුතු යැයි” බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ගාල්ල හියාර ප්‍රදේශයේ ඉදිකරන කරන ලද මෙගාවොට් 5ක සූර්යබලශක්ති ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට අද (04) එක් වෙමිනි.

Read More

2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කාන්තාවක් තෝරා පත්කරගෙන තිබේ.

Read More

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (04දා) පැවැත්වේ.

Read More

දෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසය පැවසීය.

Read More

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් වීරසිංහගේ සනත් නැමැත්තා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් ඊයේ (03) අවසර ලබා දී ඇත.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

චීන හා ඉන්දියා සබඳතා ක්‍රමයෙන් සාමාන්‍යකරණය කිරීමේ තවත් පියවරක් ලෙස, ඉන්දියාව සහ චීනය මෙම මාසයේ දී රටවල් අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි. හිමාලයානු දේශසීමාවේ මාරාන්තික චීන හා ඉන්දිය හමුදා ගැටුම් වලින් පසුව, 2020 සිට දෙරට අතර සෘජු ගුවන් ගමන් නවතා දැමීය නමුත් පසුගිය වසරක පමණ කාලය තුළ, දිල්ලිය සහ බීජිං දේශසීමාවේ ආතතීන් සමනය කිරීමට පියවර ගැනීම ඇතුළුව සබඳතා නැවත ගොඩනඟා ගැනීමට කටයුතු කරමින් සිටියි. ඉන්දියාව

Read More

අද දිනයේදී ‍කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත මිල දර්ශකය ඒකක 22000ක අගයක් වාර්තා කරමින් සුවිශේෂී කඩඉමක් පසු කළේය.

Read More

මේ වසරේ මුල් මාස 8 තුළදී පමණක් විදෙස් ගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5 116ක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

මේ වසරේ ජනවාරි 1 දා සිට සැප්තැම්බර් 30 දා තෙක් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1 725 494ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 158 971ක් පැමිණ තිබේ.

Read More

තණමල්විල පොලිස් වසමට අයත් තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දෙසීය අසූඅට කණුව අසලදී අද (03) වෙනිදා අලුයම සිදුවූ රිය අනතුරින් තුවාල ලබා සිටි වෑන් රථ රියදුරුද මිය ගොස් තිබේ. ඒ අනුව මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව දෙදෙනෙක් බවට පත්විය.

Read More

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඊශ්‍රායලයේ PIBA ආයතනය සමග සිදුකරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස, ඊශ්‍රායල් රැකියා සඳහා බඳවාගැනීමට පවත්වන ලොතරැයි ක්‍රමයෙන් නොතේරුණු පිරිසට යළි රැකියා අවස්ථා හිමිවී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

Read More

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේ සිදුකල වැටලිමකදී අයිස් මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගනිමින් ජාවාරමේ නිරත වු යුධ හමුදා සෙබලෙකු මිද්දෙණිය පොලිසිය විසින් 02 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය මේ වන විට සැලසුම් කර ඇත.

Read More

මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) මුල්මාස අට තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 2,030.2 දක්වා සියයට 12.5 කින් ඉහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

මෙරට වී නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2024) සියයට 4.1කින් ඉහළ ගොස් තිබුනද එම වර්ෂයේ දි සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ තිස්එක්දහස් ,තුන්සියතිස්අටක් (131,338) ආනයනය කොට ඇති බැව් මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.

Read More

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සඳහා වු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවත්වුවා මිස එය පාර්ලිමේන්තුව මඟින් නීතියක් ලෙස සම්මත කර නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩස් ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය අසළ විශාල නරි රංචුවක් සැරි සැරීම හේතුවෙන්

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකාර වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ 288 කිලෝ මිටර් කණුව ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වු අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා අද (03) අළුයම රෝහල් ගත කර ඇතැයි තණමල්විල මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

තංගල්ල ප්‍රදේශයේ තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව දැනට සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

Read More

හාල් හිඟයක් ලූනු හිගයක් ඇතිවූ විට ආනයනය කරනවා මෙන් ඖෂධ හිඟයක් ඇති වූ විට එම ඖෂධ හෝ උපකරණ ක්ෂණිකව ආනයනය කිරීමේ හැකියාවක් රජයට නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි.

Read More

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ජීප් රථයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

Read More

ඊශ්‍රායලයේ කෘෂී අංශයේ රැකියා අවස්ථා සදහා බඳවාගන්නා බවට යම් යම් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් පළකරන සමාජ මාධ්‍ය දැන්විම් මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. මෙය වංචනිකව රැකියා අපේක්ෂිතයන්ගෙන් මුදල් ජාවරම් කිරිමේ අරමුණින් පළකරන බවයි කාර්යාංශය අවධාරණය කරන්නේ.

Read More

“ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හම්බන්තොටට ආපුවාම දිවා හො රාත්‍රි ආහාරය දෙන්නේ මොහුයි.”

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.