එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉරානයේ යටිතල පහසුකම්වලට පහරදිම ඉරාන වේලාවෙන් ඊයේ රාත්රි 8 ට ආරම්භ කරන බවට අවසන් නිවේදනය නිකුත් කර තිබියදී එය අවසන්වීමට විනාඩි කිහිපයකට පෙර මෙම සටන් විරාමය ප්රකාශයට පත්විය.
එම කාලය අවසන්වීමට විනාඩි 10ක් පමණ තිබියදී පාකිස්තාන අග්රාමාත්යවරයා පැවැසුවේ වහාම ඵලදායී සටන් විරාමයක් ක්රියාත්මක බවයි.