බාල ගල් අඟුරු සමාගමෙන් රු. කේටි 233.2ක දඩ අයකර ගත හැකියි
ගල් අගුරු සැපයිමේ දි නියමිත පරාමීතින්ට අනුකුල නොවන අයුරින් ගල් අගුරු සපයා තිබිම් හේතුවෙන් අදාළ ගල් අගුරු සැපයුම්කරුගෙන් රුපියල් මිලියන 2,332.5 ක දඩ මුදලක් අයකරගත හැකි බැව් ගල් අගුරු ප්රසම්පාදනය පිළිබද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාවේ සදහන් වේ.
ඒ අනුව පළමු නැවෙන් ( නැව්බඩු තොග අංකය 456) රුපියල් මිලියන 644.7ක දඩමුදලක්, දෙවැනි නැවෙන් (නැව් බඩුතොග අංකය 457) රුපියල් මිලියන 135.3ක්, තුන්වැනි නැවෙන් (නැව් බඩුතොග අංකය 458) රුපියල් මිලියන 150.4ක්,හතරවැනි නැවෙන් ( නැව්බඩු තොග අංකය 459) රුපියල් මිලියන 107.1 ක දඩු මුදලක් අයකරගත හැකි බවද විගණන වාර්තාවේ සදහන් වේ.එමෙන්ම පස්වැනි නැවෙන් ( නැව් බඩුතොග අංකය 460) රුපියල් මිලියන 155ක්,හයවැනි නැවෙන් ( නැව් බඩුතොග අංකය 461) රුපියල් මිලියන 158.2ක්,හත්වැනි නැවෙන් ( නැව් බඩුතොග අංකය 462) රුපියල් මිලියන 134.5ක්,අටවැනි නැවෙන් රුපියල් මිලියන168.8ක් ( නැව් බඩුතොග අංකය 463), නමවැනි නැවෙන් රුපියල් මිලියන 678.5ක් (නැව්බඩු තොග අංකය 464) දඩ මුදලක් අයකරගත හැකි බවට විගණනය මගින් අනාවරණය කොට ඇත.
ගොඩබාන ලද නව ආනයනික ගල් අගුරුවල පවතින පිරිවිතරයන් ලංකා ගල් අගුරු සමාගමේහි සම්මත අගයන් සපුරන්නේ නොමැති නමුත් ලංකා ගල් අගුරු සමාගම විසින් ගල් අගුරු ප්රතික්ෂේප කිරිමේ අගයන් තුලට අයත් නොවන විටදි දඩ මුදල් අයකරගැනිම ගිවිසුම් ප්රකාරව සිදුකෙරේ.එමෙන්ම ගොඩබාන ලද නව ආනයනික ගල් අගුරුවල පවතින පිරිවිතරයන් ලංකා ගල් අගුරු සමාගම විසින් ගල් අගුරු ප්රතික්ෂේප කිරිමේ අගයන් තුලට අයත් වනවිටදි දඩ මුදල් අයකිරිම ගිවිසුම් ප්රකාරව සිදුකරණු ලබන අතර ඒ අනුව මෙම දඩ මුදල් අයකරගත හැකි බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ආනයනය කරණු ලැබු ගල් අගුරු නිසි ප්රමිතියට නොවිම හේතුවෙන් සිදුවි ඇති මුළු අලාභය රුපියල් මිලියන 2,237.7ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
