දැනට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරේ සේවය කරනු ලබන, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එච්. එම්. ජේ. එම්. හේරත් මහතා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර මේ වන විට පුරප්පාඩුව පවතින අතර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වැඩ බැලීමේ පදනම මත අදාළ තනතුරේ රාජකාරින්හි යොදවා තිබුණි.