ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරකෙු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීීීීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුමත සේවක සංඛ්‍යාවට අමතරව සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.