saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 60 hours ago

LATEST

දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ගැටලුව සොයන්න සිව් පුද්ගල කමිටුවක්

calendar_today 2025 ඔක් 01 - 14:49 remove_red_eye - 124  

වෛද්‍ය ස්ථාන මාරුවක් සම්භන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබදව කරුණු සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

මාසික ගෑස් මිල සංශෝධනය අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව එම ආයතනය නිවේදනය කරයි.

Read More

ලෝක ළමා දිනය යෙදුණ ඔක්තෝබර් (01) වෙනිදා මොනරාගල මහානාම ජාතික පාසලේ 11 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු පහරදීමෙන් ගුරුවරයෙකු රෝහල් ගත කර ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

Read More

යාල ජාතික වනෝද්‍යානයට අයත් භුමියට පිහිටා ඇති බුත්තල වෙහෙරගල ජලාශයේ සොරොව්වට ආසන්නව වැව් බැම්මෙි තිබී ටී 56 මැගසීන් 74ක්,LMG ඩ්‍රම්ස් 35ක්,MPMG හා GPMG ගිණි අවි සදහා යොදන හිස් පතරොම් ගැබ් විශාල ප්‍රමාණයක් සහ යම් රසායන ද්‍රව්‍යයක් පිරවු පොහොර උර දෙකක් ඇතුලුව යුධ හමුදාව භාවිතයට ගන්නා සංග්‍රාමික උපකරන රැසක් අද ( 01) පෙරවරුවේ සොයාගත් බව ගෝනගංආර පොලිසිය පවසයි.

Read More

මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට රුපියල් 750ක දඩයක් නියම කරන අතර, මගියා ටිකට්පත් ලබාගෙන නෙමැති නම් ඔහුට රුපියල් 100ක දඩයක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක ගාස්තුවක් අය කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Read More

මහනුවර,බෝගම්බර ක්‍රිඩාංගනයේ දි පැවති සැමට හිමි බිමක් ඔප්පු ප්‍රදානෝත්සවය සදහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව විසින් රුපියල් එක්කෝටි,එක්ලක්ෂ,හයදහස්එකසිය පනස්අටක මුදලක් (10,106,158) වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

සැප්තැම්බර් මාසයේදී උද්ධමනයේ වූ සිදුවූ වෙනස අපේක්ෂා කළ පරිදි උද්ධමන ඉලක්ක කරා යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩුබායි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙරට අපරාධ රැසකට සම්බන්ධ ශ්‍රී දරන් නෙරන්ජන් නොහොත් ටින්කර් නැමැත්ත් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද දිනයේදී කටුයානයක ගුවන් තොටුපොළට එවීමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ ‍දොපර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඔක්තෝබර් 01 දින සිට SVAT (Suspended VAT) ක්‍රමය අහෝසි වීමත් සමඟ තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) අනතුරු අඟවයි.

Read More
ජනපති එයි
1 10 2025 10:39:00
0 108

ඇමෙරිකාවේ හා ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරය නිමා කර 10/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

ඇමෙරිකාවේ ෆෙඩරල් රජය නිල වශයෙන් වසා දැමීමට සිදුව තිබේ. ඇරමුදල් සපයා ගැනීමේ පියවරන් සම්මත කර ගැනීමට අපොසොසත් වීම‌ හේතුවෙන් මෙසේ රජය නිල වශයෙන් වසා දැමීමට සිදුව තිබේ. 2019 න් පසුව ඇමෙරිකානු රජයක් නිල වශයෙන් වසා දැමුණ පළමු අවස්ථාව මෙය වෙයි.

Read More

මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයි

Read More

වර්තමාන රජය මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 82 වගන්තියට ශාරීරක දඩුවම් කිරීමේ වරද නමින් යෝජිත සංශෝධනය මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබාදීම බරපතළ සාරධර්මමය ආරාධිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතු වන බවත් ඊට දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින්යුතුව විශේෂ සංදේශයක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

Read More

සැකකටුයුතු ලෙසට මෙම වාහනයට නගින පුද්ගලයා තමන්ගේ ස්වාමියා බවට හඳුනාගත හැකි බව මිය ගිය කජ්ජාගේ බිරිදද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබේ. ඒ අනුව නව සාක්ෂි ඍස්සේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බව පොලීසිය නිවේදනය කරයි.

Read More

අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 277කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 335ක් වෙයි. ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 180කි.

Read More

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.

Read More

2021 ජනවාරි මාසයේ එක්සත් ජනපද කැපිටල් කෝලාහලයෙන් පසු තම ගිණුම අත්හිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාගමට එරෙහිව ගොනු කළ නඩුවක් සමථයකට පත් කිරීම සඳහා ඇල්ෆබෙට් හිමිකාරීත්වය දරන යූ ටියුබ් සමාගම ඩොලර් මිලියන 24.5 ක් ගෙවීමට එකඟ වී ඇති බව සඳුදා අධිකරණ ගොනු කිරීමකින් පෙන්නුම් කෙරිණි.

Read More

නුවරඑලිය නගර මධ්‍යයේ පදික වේදිකාවේ කාලයක් තිස්සේ ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරිකයන් පිරිසක් නුවරඑලිය මහ නගරසභාවේ නාගරික කොමසාරිස්වරයා ඉවත් කරන ලෙස බල කරමින් (30) දහවල් නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.

Read More

සිංහල බෞද්ධ දරුවන් බහුතරයක් මේවන විට බුද්ධ ධර්මය විෂය අසමත් බවත් දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් කිරීම පිළිබඳ වැඩිහිටියන් වගකිවයුතු බවත් සංගිලිකනදරාව ශ්‍රී සුමනාරාම විහාරාධිපති පුජ්‍ය ලිඳවැව අමරජෝති හිමියන් පැවසීය.

Read More

කොළඹ මෝදර ප්‍රදේශයේ මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයාගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී මෙම අත්අබෝම්බ සොයාගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා අද (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

Read More

අම්පාර දිස්ත්‍රික්කයේ අකක්රපත්තුව පොලිස් බල ප්‍රදේශයේ අස්රෆ් නගර් ඔලුවිල් 4 වසා දමා ඇති රහුමාන් ජුම්මා පල්ලිය පිටුපස කැසිකිළිය තුළ දිනක පමණ වයස ඇති කුඩා දැරිවියක් බෑගයක දමා එම ස්ථානයේ දමා ගොස් තිබියදි හමුවි තිබේ.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇප මත මුදා හැර තිබේ.

Read More

වර්තමානයේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම අඩු වී ඇති බව පෙනෙන්නට තිබුණද, වත්මන් රජය යටතේ පවා, විශේෂයෙන් මුල් බැසගත් නිත්‍ය උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තුළ ආයතනික දූෂණය දිගටම පවතින බව ශ්‍රී ලංකාවේ ආයෝජන වාතාවරණය පිළිබඳ එක්සත් ජනපදය නිකුත් කළ නවතම ප්‍රකාශයක දැක්වෙයි.

Read More

සිය වගාභූමිය වන අලින්ගෙන් රැක ගැනීම සදහා යතුරු පැදියකින් වගාභූමියට යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සූරියවැව මහගල්වැව පරණ රන්මුදුවැව මාර්ගයේදී 29 රාත්‍රී 08ට පමණ වන අලි ප්‍රහාරයකට ලක්ව එක පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු අතුරුදහන්ව තිබූ අතර ඔහුද වන අලි ප්‍රහාරයෙන් මියගොස් සිටියදී අද (30)පෙරවරුවේ සොයාගත් බව සූරියවැව පොලිසිය පවසයි.

Read More

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කණගාටු වෙමි.

Read More

2025 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

කොට්ටාව සිට මත්තල දක්වා දිවෙන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයේ යෙදෙන රියැදුරන්ට සහ මගී ජනතාවට විවේකය ලබා ගැනීම හා පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මාතර, උඩුකාව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත විවේක ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ආරම්භ කෙරිණ.

Read More

මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30දා) ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

Read More

ජපාන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.