වාර්තාගත ලෙස පෘතුවියේ සිට සැතපුම් 252,756 (කිලෝමීටර 406,771) ක දුරක් ගමන් කර සඳ පසුකර යාමෙන් පසු, ආටෙමිස් II ගගනගාමීන් යළත් පෘතුවිය වෙත පැමිණීමට ගමන් ආරම්භ කර තිබේ.
ඔවුන්ට ආපසු පෘතුවියට පැමිණීමට දින හතරක් පමණ ගතවනු ඇති අතර, එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයට ඇමරිකා එක්සත් ජනපද වේලාවෙන් අප්‍රේල් 10 වන දින රාත්‍රී 20:07 ට යානය ගොඩ බැස්සවීමට නියමිතය.
යානයේ සිටින ගඟන ගාමීන් පසුව හෙලිකොප්ටර්වලින් මුදවාගෙන අසල ඇති එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවකට ගෙන යනු ඇත.