saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 30 hours ago

LATEST

මත්තල ගුවන්තොටුපොළට වන ජීවී කාර්යාලයක්

calendar_today 2025 ඔක් 08 - 18:59 remove_red_eye - 284  

හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට වන අලි ආදි වනජීවීන් වරින්වර ඇතුළු වීම මෙන්ම එහි පිවිසුම් මාර්ග හරහා මාරු වීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළෙහි යටිතල පහසුකම්වලට හානි සිදු වන අවස්ථාවන් බහුල වන අතර එහි මෙහෙයුම්වලට ද බලෑම් ඇතිව තිබේ.

තමන් කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේදී මහා භාණ්ඩාරගාරයට රුපියල් මිලියන 750ක මුදලක් ලබා දුන් බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදි‍ පැවැසිය.

Read More

පාර්ලිමේන්තු පුස්තකාලයේ පරිශීලනය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් සම්පාදිත ග්‍රන්ථ කිහිපයක් පාර්ලිමේන්තු පුස්තකාලය වෙත භාරදීම පසුගියදා සිදුවිය. ඒ අනුව ‘මාර්ග ආරක්‍ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025-2026’ ග්‍රන්ථය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා විසින් පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභාපති හේමාලි වීරසේකර මහත්මිය වෙත එතුමියගේ කාර්යාලයේ දී නිල වශයෙන් පිරිනැමීම සිදු කෙරිණ.

Read More

බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තබා ලොරියක් සහ වෑන් රථයක් අද (8) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් මුලුමනින්ම විනාශ වී ගොස් ඇතයි ඇටම්පිටිය පොලිසිය පවසයි.

Read More

ලෝක වෙළඳපොල තුළ රන් මිල අවුන්සයක මිල ඩොලර් 4,000 (£2,985) ට වඩා වාර්තාගත ඉහළ අගයක් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

විදුලි ගාස්තු සංශෝදනයේ අවසන් මත විමසුම අදින් අවසන් විනි. ඒ් මෙම වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තුව 6.8 % ක් ඉහල නැංවීම සඳහා විදුලි බල මණ්ඩලය විසින් යොජනා කොට තිබීම හේතුවෙනි.

Read More

තිරසර ගෙවතු වගා වැඩසටහන යටතේ කුරුණැගල දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 45.76 ක ප්‍රතිපාදන වෙන්කර තිබුණද ඉන් රුපියල් මිලියන 29.13ක මුදලක් හෙවත් සියයට 64ක් උපයෝජනය නොකර ආපසු යවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය වන රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (08දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2025.09.23 දින වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුල මේ වන විට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 34 765ක් බව අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා පැවැසීය.

Read More

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය අද (08දා) පැවැත්වේ.

Read More

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට ඊයේ (07) රාත්‍රි වෙඩි තබා නතර කර සිදු කළ පරීක්ෂා කිරි‍මේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය හා ජීව අත්බෝම්බයක් සමග එහි රියදුරු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

පළාත් සභාව මේ වෙලාවේ අවශ්‍යමද? පළාත් සභාවල මහඇමතිවරු ඇමතිවරු නැතෙයි කියලා නැහැ. වැඩ ටික කරගෙන යනවා පළාත් අමාත්‍යංශ ක්‍රියාකාරිව වැඩකරණවා ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා බලමු.

Read More

සැප්තැම්බර් මාසයේදී මෙරට විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.24ක් දක්වා සියයට 1.1කින් වර්ධනය වී තිබේ. අගෝස්තු මස අවසානයේදී මෙරට විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් විය. මෙම සංචිතය ශ්‍රී ලංකාවේ මාස තුන හමාරක පමණ කාලයක් ආනයන ආවරණය කර ගැනිට ප්‍රමාණවත් ‍ වෙයි.

Read More

පැල්මඩුල්ල පොලිස් වසමේ පාතකඩ ප්‍රදේශයේදී රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ටී 56 වර්ගයේ ජීව පතරොම් 20 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

Read More

2026 අයවැය තුළින් සිය ඉල්ලීම් වලට විසඳුම් ලබා නොදෙන්නේ නම් , අනිවාර්යෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම් සභාවට අයත් කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි රාගෙදර වත්ත ඉඩමෙන් අක්කර 70ක් මිනිරන් කැණිම සදහා පුද්ගලික සමාගමක් වෙත බදු පදනම මත ලබා දි වසර 13ක් ගතවි තිබුණද එකි ඉඩම තක්සේරුකර බදු මුදල් අයකරගැනිමට කටයුතුකර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

හුංගම පොලිස් වසමේ වාඩිගල, රන්න ප්‍රදේශයේ නිවසක් තුල පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධව හුංගම පොලිස් ස්ථානය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ තිබුණි.

Read More

ඉතා බලවත් පරිගණක නව පරම්පරාවකට මග පාදන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව කළ සේවාව අගයමින් භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ජෝන් ක්ලාක්, මයිකල් එච්. ඩෙවොරෙට් සහ ජෝන් එම්. මාර්ටිනිස් යන අයට හිමිව තිබේ.

Read More

චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන BYD සමාගම එක්සත් රාජධානිය චීනයෙන් පිටත විශාලතම වෙළඳපොළ බවට පත්ව එක්සත් රාජධානියේ සිය නිෂ්පාදන අලෙවිය පෙර වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී 880% කින් ඉහළ නංවාගෙන තිබේ.

Read More

මාතර මැද්දවත්ත ජනරජ මාවත ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රී 10.00 ඵමණ පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා එම මෝටර් රථය හා සැකකරුවකු‍ අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

හම්බන්තොට, කටුවනේදී 2012 දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ‘ජූලම්පිටියේ අමරේ’ ට තංගල්ල මහාධිකරණය විසින් නියම කරන ලද මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය.

Read More

ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (07) සිය සහතිකය සටහන් කළේය.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වසර තුළ ආරම්භ කිරීමට රජය සැලසුම් කොට තිබෙන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Read More

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුවන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. මේ හරහා සිදුවන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ලැබෙන පැමිණි දිනපතා වාර්තාවන බව පොලීසිය කියයි.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් කොමිෂන් සභාවේ වගන්තියට පටහැනිව එහි නිලධාරියෙකුට පර්චස් එකක් රුපියල් දහසක වටිනාකමට පර්චස් 20 බැගින් නිලධාරින් 395 දෙනෙකු සදහා ඉඩම් අක්කර 49 ක් පර්චස් 35.64ක් ලබා දි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තවක් මගින් අනාවරණය වි ඇත.

Read More

පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් ව්‍යාපාර පවත්වාගෙන ගිය වෙළඳුන්ට එරෙහිව පැවරූ නඩු වලින් රුපියල් 85,87000 ක (අසූපන් ලක්ෂ අසූ හත්දහසක) මුදලක් දඩ වශයෙන් අය කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය සමත් වූ බව එම අධිකාරී කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රදානී තුෂාර රෑනපාන මහතා කියයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසකගේ අනියම් පෙම් පලහිලව්වක් දෙදෙනෙකුට මරු කැඳවයි ප්‍රධාන සැකකරු බින්දු ඇතුළු තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

Read More

2025 කාන්තා එක්දින ​ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සහ එංගලන්තය අතර තරගය තව සුළු මොහොතකින් ආරම්භ වේ.

Read More

’’ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රගතිය දිරිගන්වන සුළු වුවත්, යථා තත්ත්වයට පත්වීම අසමාන සහ අසම්පූර්ණයි’’ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.