මාවුස්සාකැලේ ජලාශයේ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ටොන් ගණනක් තැන්පත් වෙලා
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ ජලාශ පත්ලේ හා ඉවුරේ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ටොන් ගණනක් තැන්පත්ව තිබීම හේතුවෙන් එම ජලාශයේ ජලජ ජීවීන්ට හානි සිදුවීම මෙන්ම දැඩි පාරිසරික හානියක් සිදුවන බව පරිසරවේදීන් හා ප්‍රදේශයේ ජනතාව පවසති.
මධ්‍යම කඳුකරයට මේ දිනවල පවතින වියළි කාළගුණික තත්වයත් සමග මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් පහත බැසීමත් සමග ජලාශ පත්ලේ හා ඉවුරේ තැන්පත්ව ඇති දිරා නොයන ප්ලාස්ටික්, බෝතල් හා පොලිතීන් ටොන් ගණනක් දැකගත හැකිය.
මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔය හා සීතගඟුල ඔයෙන් මෙම දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ගලා ඒම සිදුවේ. මස්කෙළිය, සාමිමලේ හා නල්ලතන්නිය යන නඟරවල පදිංචිව සිටින ඇතුම් ව්‍යාපාරික ප්‍රජාව හා මස්කෙළිය ඔය දෙපස පදිංචිව සිටින ඇතුම් වතු කම්කරු ප්‍රජාව විසින් අවිධිමත් ලෙස බැහැර කරන දිරා නොයන ඝණ අපද්‍රව්‍ය වසර ගණනක් තිස්සේ වැසි ජලය සමග ජලාශයට ගලාගෙන පැමිණීම නිසා මෙම තත්වය උදාවී ඇත.
ජලාශ පත්ලේ දිරා නොයන ගණ අපද්‍රව්‍ය ටොන් ගණනක් මෙසේ තැන්පත්ව තිබීමෙන් ජලාශයේ ජලය පිරීමට ඇති පරිමාවද වසරින් වසර අඩුවෙමින් පවතින බව පරිසරවේදීන් වැඩිදුරටත් පෙන්වා දෙති.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
