විදෙස් සංචිත වැඩි කර ගන්නා හැටි ජනපති කියයි
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මාණ්ඩලික එකඟතාවය හිමිවන්නේ නම් මැයි මස අවසන් වීමට පෙර 5වන සහ 6 වන වාරික වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කැබිනට් මණ්ඩල අනුමැතිය ලද ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුවේ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම වසර තුළ ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ප්‍රදානයක් ලබා දීමට එම සාකච්ඡාවලදී එකඟතාවය පළ කළ බවද සඳහන් කළේය.
එසේම ලෝක බැංකුව සමග සකස් කළ ව්‍යාපෘති සමග යම් ඩොලර් ප්‍රමාණයක් ලබා ගැනීමේ අපේක්ෂාවක් පවතින බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. ආසියානු සංවවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ලබා දෙන සහය සමග මෙරට විදෙස් සංචිතවලට ඇතිවන ගැටලුවක් මතුවීමේ අනතුර අවම වන වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
තවද ශ්‍රී ලංකාවේ පළමු වරට , ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මහබැංකුව වෙළඳපොළෙන් ඩොලර් මිලියන 700ක් මිලදී ගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ හේතුවෙන් ඩොලර් සංචිත බිලියන 7 ආසන්නයට පැමිණීමට හැකි වූ බවද අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
