මේ වසර අගදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අනාවැකි පළ කළේය.
මුරලිදරන්ට සහ හිටපු ඉන්දීය පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් 2023 ලෝක කුසලාන තරගාවයලියේ කාලසටහන එළිදැක්වීමේ අවස්ථාවට මුම්බායිහිදී එක්වෙමින් මේ බව පැවැසීය.
තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වේ.
"එංගලන්තය දැන් හොඳට ක්‍රීඩා කරනවා. ඔවුන් ටෙස්ට් ක්‍රිකට් පවා එක්දින තරඟ ලෙස ක්‍රීඩා කරනවා. මගේ අදහස නම් ඉන්දියාව සහ එංගලන්තය අවසන් තරඟයට ක්‍රීඩා කරන බවයි," මුරලිදරන් පැවසීය.
කෙසේ වෙතත්, නොවැම්බර් 19 වැනිදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාව හා පාකිස්තා තරගයක් දැකීම තම ප්‍රාර්ථනාව බවද ඔහු පැවැසීය.
ඉන්දියාව, පකිස්තානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට පැමිණෙන ලෙස ෂෙවාග් ඉඟි කළ අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහා තරගයක් ගැන අනාවැකි පළ කළේය.