ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරෙන ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවය තම ගුවන් සේවා තුළ පවතින අධික ගුවන් නියමුවන්ගේ හිගයට පිළියමක් වශයෙන් විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීමට තමන්ගේ අවසරය පතා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසූවේ 06/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ , ශ්‍රවණාගාරයේ පැවති , "ගුවන් සේවා ක්ෂේත්රය පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කිරීමේ" වැඩසටහනක් අතරතුර දීය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ශ්‍රී ලංකාවේ ගුවන් ක්ෂේත්රයේ ප්‍රවීණයන් ගුවන් නියමුවන් මේ වනවිට වැල නොකැඩී විදේශ ගත වෙමින් පවතින බවත් එයට හේතුව විදේශීය ගුවන් සේවා සමාගම් ඉහළ වැටුප් ගෙවමින් සිටින බවත් පැවසීය.
එම වැටුප් මේ රටේ ඔවුන්ට ගෙවන වැටුප් මෙන් පස්, හය ගුණයක් වැඩි බවත් ඒ නිසා එම ගුවන් සේවා වෙත අපගේ ගුවන් නියමුවන්ගෙන් ලොකු ඉල්ලුමක් පවතින බවද පැවසීය.
සිවිල් ගුවන් සේවා ක්ෂේත්රය පොදුවේ ලෝකයේ සියලුම එකම ආකාරයට ක්‍රියාත්මක වන අතර එනිසා ශ්‍රී ලාංකික ගුවන් නියමුවන්ට තවත් රටක වැඩ කිරීම ගැටලුවක් නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .
එසේම පසුගිය දින වල ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාළයක් තිස්සේ පවතින ප්‍රධාන තනතුරු 08 ක් සදහා පුවත් පත් ඔස්සේ දැනුවත් කිරීම් කළ ද ඒ තනතුරු සදහා අවශ්‍ය සුදුසුකම් සහිත පුද්ගලයන් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත් එනිසා මෙම වසර තුළ දීත් මෙම තනතුරු පුරවා ගැනීමට අවස්ථාව නොමැති වෙමින් පවතින බව ද පැවසීය.