කුරුණෑගල පොලීසියේදී කාන්තාවක් වස බොයි
පවුල් ආරාවුලක් විසඳා ගැනීමට කුරුණෑගල මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණි කාන්තාවක් පැමිණිල්ල විභාගයට ගනිමින් සිටි අවස්ථාවේදී තම විවාහක සැමියා සහ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම වස පානය කිරීමේ සිද්ධියක් ඊයේ (27දා) වාර්තා විය.
කුරුණෑගල හිඳගොල්ල දංගොල්ල පදිංචි 37 හැවිරිදි කාන්තාවක් මෙසේ වස වර්ගයක් පානය කර ඇති බව පොලීසිය පවසයි.
මැද පෙරදිග රටක සේවය කර ඇති එම කාන්තාව සිය රැකියාවෙන් ලැබෙන වැටුප තමන් පදිංචි නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා මෙරට වෙසෙන තම විවාහක සැමියාට එවා ඇත. සැමියා එම මුදල් නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු නොකර මත්පැන් පාවිච්චියට සහ කාන්තාවන් ඇසුරු කිරීම සඳහා වියදම් කර ඇත.
ඉන් නොනැවතුනු ඔහු අනියම් බිරිඳක්ද නිවසේ නවත්වාගෙන බිරිඳ එවන මුදල් ඇයටද වියදම් කර තිබේ. ආපසු මෙරටට පැමිණ ඇති එම කාන්තාව තමන් මහන්සියෙන් උපයාගෙන නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා එවන ලද මුදල් සැමියා විසින් විනාශ කර තිබෙනවා පමණක් නොව ඔහු අනියම් බිරිඳක්ද තබාගෙන සිටින බව දැක එවන ලද මුදල් සැමියාගෙන් ලබා දෙන ඉල්ලමින් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ල විභාගයට ගැනීම සඳහා පැමිණිලිකාර බිරිඳ සහ සැමියා පොලීසියට කැඳවූ අවස්ථාවේදී සැමියා ඉදිරිපිටදීම ඇය වස කුප්පියක් ගෙන පානය කර ඇත. ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටින ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවදපොලීසිය සඳහන් කළේය.
popular news
-
Kumar Thursday, 29 June 2023 04:10 PM
ithamath kananaggatu kathawak. ema isthriyage minihata lotharaiyyak dinnawage wenna athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

