ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වය විසින් ගනු ලැබූ තීරණ රාශියක ප්‍රතිඵලයක් ලෙස අධික ලෙස වැඩ කිරීමට සිදුවීමෙන් ගුවන් සමාගමේ නියමුවන් කම්පනයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් සඳහා පූර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියා කිරීම පිණිස සමාගමට අවම වශයෙන් නියමුවන් 330ක් අවශ්‍යවුවත් 2022-2023 වසරේ පමණක් ගුවන් නියමුවන් 70කට අධික සංඛ්‍යාවක් ගුවන් සමාගමෙන් ඉල්ලා අස්වී ඇති බවත් එම සංගමය පවසයි.
එසේම ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන්ට ගෙවනු ලබන්නේ ක්ෂේත්රයේ ප්‍රමිතීන්ට වඩා අඩුම වැටුපක් බවද ඔවුන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.

