අස්වැසුමෙන් සමෘද්ධිලාභීන්ට විශාල අසාධාරණයක්
අස්වැසුම සමීක්ෂණයෙන් සමෘද්ධිලාභීන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
සමෘද්ධිය ලැබිය යුතු පුද්ගලයින්ට මෙමගින් සමෘද්ධිය නොලැබී ගිය බවත් සමෘද්ධිය අවශ්‍ය නැති පුද්ගලයින්ට සමෘද්ධිය ලැබී ඇති බවත් නාමල් රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සමීක්ෂණයක් සිදු කරනවානම් වහාම නිසි පරිදි එය සිදුකරන ලෙසටත් වැරදි නිවැරැදි කරන ලෙසටත් නාමල් රාජපක්ෂ අවධාරණය කර සිටියි.
සමෘද්ධිය ලැබිය යුතු සියළු දෙනා වෙනුවෙන් පෙනී සිටින බවද නාමල් රාජපක්ෂ මෙහිදී පැවසීය.අස්වැසුමෙන් බලාපොරොත්තු වන්නේ අස්වැසුමක් මිස කරදරයක් නොවන බවත් පැවසූ නාමල් රජපක්ෂ රජය විසින් නිසි ක්‍රමවේද අනුගමනය කර ජනතාවට සහනයක් ලබාදිය යුතු බවත් අවධාරණය කලේය.
මෙය කිසිදු දේශපාලන කෝණයකින් නොබැලිය යුතු බවත් මනුෂ්‍යත්වයෙන් මේ පිලිබදව සොයා බලා සමෘද්ධිය ලැබියයුත්තන්ට ප්රතිලාභ අත්කරදීමට කටයුතු කර්න ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවත් නාමල් රජපක්ෂ පැවසීය
popular news
-
ramani karatota Tuesday, 27 June 2023 12:39 PM
balala mallen eliyata paniyi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

