නාවලපිටිය, මොන්ටික්රිස්ටෝ වත්ත ප්ර දේශයේදී නිවසක කාමරයක සාරියකින් බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙක් මියගොස් ඇතැයි නාවලපිටිය පොලීසිය කියයි.
අවුරුදු 9ක් වන දරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (27දා) මෙම අනතුර සිදුව තිබේ. නිවසේ සිටි තවත් කුඩා දරුවෙකු බැඳ තිබූ තොටිල්ලක නැග සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස ගෙල සිරවී ඇති බව පොලීසිය කළ විමර්ශනයදී හෙළිව තිබේ.
මේ අතර ඊයේ දහවල් කාලයේදී වාකරේ කට්ටමුරි කලෑ ප්ර දේශයේදී බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවීමෙන් ළමයෙක් මියගොස් ඇති බව වාකරේ පොලීසිය කියයි.
අවුරුදු 14ක් වන දරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු වැඩිමහල් සහෝදරයා හා සහෝදරියන්ගේ ස්වාමිපුරුෂයන් දෙදෙනා සමග සතුන් දඩයම් කිරීමට 26 දා රාත්රී කැලෑවට ගොස් තිබේ. ඔවුන් රැගෙන ගිය ගිනි අවිය පත්තුවීමෙන් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහුත් සමග දඩයමේ ගිය සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු දෙකක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.