පසුගිය සතියේ විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.
ආදායම් සහ වියදම් පිළිබඳව ස්වාධීන පක්ෂග්රාහී නොවන ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂණයක් හා දැක්මක් සහිතව රාජ්‍ය මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුවට සිය රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමට සහාය වීම මෙන්ම යම් පිළිගත් පිළිගත් දේශපාලන පක්ෂයකට සහ යම් ස්වාධීන කණ්ඩායමට සහාය වීමත් අරමුණු කරගනිමින් මෙම අයවැය කාර්යාලය පිහිටුවීම සිදු කෙරිණි.
මීට අමතරව පසුගියදා සම්මත වූ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කළේය.
මේ අනුව 2023 අංක 6 දරන අයවැය කාර්යාලය පනත සහ 2023 අංක 7 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත ලෙස මෙම පනත් කෙටුම්පත් ද්විත්වය බලාත්මක වේ.
