උතුරු නැගෙනහිර පළාත් වලින් සහ දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් කතරගම පෙරහරට පා ගමනින් හින්දු බැතිමතුන් සමග වෙනත් ආගම් අදහන්නන් 27209ක් කුමන ජාතික උද්‍යානයේ ගේට්ටුවෙන් 27දා සවස 03.00ට එය වසා දමනවිට ඇතුලුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය. එය 2022 වසරට වඩා 1629ක අඩුවීමකි.
පාද යාත්‍රාවේ ආ බැතිමතුන්ට කුමන සහ යාල ජාතික උද්‍යාන දෙක හරහා කතරගම බලා එන්නට කුමන ජාතික උද්‍යානයේ ගේට්ටුව පසුගිය 12දා විවෘත කරණු ලැබීය. එදින තුන් දහසකට ආසන්න පිරිසක් ඇතුල්වී තිබුණි. ජූනි 24දා ගෙට්ටු වසා දැමීමට නියමිතව තිබුණි. නමුත් තවත් දින දෙකක් දිර්ඝ කර 27දා පස්වරු 03.00 තෙක් කුමන ගේට්ටු කතරගම බලා පාගමනින් එන බැතිමතුන් සඳහා විවෘතව පැවතුනි.
කෙසේ නමුත් අවසන් දින තුනේදි බැතිමතුන් තුන්සිය පනහක්ටත් අඩු පිරිසක් පැමිණි බව කුමන ගෙට්ටුවේ සංඛ්‍යා ලේඛන වල සටහන්ව තිබුණි. ගේට්ටුව වසා දැමුණු 27දා ඇතුලුවී ඇත්තේ 88කි.
පාද යාත්‍රාවේ පැමිණි හින්දු සහ වෙනත් බැතිමතුන් විසින් කුමන සහ යාල ජාතික උද්්යාන තුල ප්ලාස්ටික් බෝතල් සහ කක්ෂණික ආහාර, බිස්කට් වැනි නොදිරණ ආහාර දවටන ටොන් ගණනාවක් මෙවරත් පරිසරයට මුදාහැර ඇති බවද වනජීවී ප්‍රකාශකයා පැවසුවේය.
කුමන ජාතික උද්‍යානයේ ඇති නොදිරණ ප්ලාස්ටික් සහ පොලිතීන් එකතු කිරිම මේවනවිට ආරම්භ කර ඇත. ලබන මස 04දා සහ 05දා යුද හා නාවික හමුදාවේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන මගින් මෙම අපද්‍රව්‍ය ඉවත්කිරිමට නියමිතය. පසුගිය වසරේ එැවැනි නොදිරණ අපද්‍රව්‍ය ටොන් හතරක් පමණ ඉවත් කරනු ලැබීය.
මේ දිනවල පවතින දැඩි සුළං නිසා නොදිර ඉටිකොළ, ආහාර සහ බිස්කට් ඇසුරුම් කලපු සහ වෙනත් ජලය රැඳුනු තැන්වට ගසාගොස් ඇති බවද වනජීවී ප්‍රකාශකයා පැවසුවේය. ශ්‍රමදාන මගින් ඉවත් කිරීමේදී එසේ ජලයට වැටුණු නොදිරණ අපද්‍රව්‍ය වලින් 25%ක් පමණ රැඳෙන බව ද පැවසුවේය.
කුමන ගේට්ටුවෙන් ඇතුලුවු අවසන් බැතිමතා දින හයක් හෝ හතක් ඇතුළත කතරගමට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව ද වනජීවී ප්‍රකාශකයො කීවේය.

