‘ගැහනු ළමයෙකු වෙල ඉපදිලා ඉපිදිලා ජීවත්විමට ලැබීමමට හරි දුකක්. මට අදින්න පළදින්න ජිවත් වන්න උවමනා කරන්නේ කොල්ලෙක් වගේ’ කියා මවට ලිපියක් ලියා තබා කදාන ප්‍රදේශයේ උතුරු බටගම පදිංචි 14 හැවිරිදි පාසැල් දැරියක් තම නිවසේ තමාගේ නිදන කාමරයේ ගෙල වැලලා ගෙන මියගොස් ඇති බව කදාන පොලිසිය පවසයි.
දැරිය ගෙලවැලලා ගැනිමට ප්‍රථම තම මවට ලිපියක් ලියා තබා ඇති බව පවසන පොලිසිය එම ලිපියේ තමන් ගැහනු ළමයෙකු වීම ගැන තමා හැම මොහතකම වචනයකින කිව නොහැකි තරම් කනගාටුවකින් පසුවු බවත් තමන්ට ගෙදරදිම මෙන්ම පාසැලේදීත් ගැහනු ළමයෙකු මෙන් ගත කිරිමට බැරිවිම ගැන තමා හැම මොහතකම දැඩි දුකකින් පසුවු බවත් සඳහන් කර ඇතැයි පොලීසිය පවසයි.
තමන්ට ජීවත් වීමට අවශ්‍ය කරන්නේ පිරිමි ළමයෙකු ලෙස බවත් රුපවාහිණියේ එක්තරා චැනලයක ලගකදී විකාශනය වුන කොරියන් ටෙලි කථාවක එක්තරා පිරිමි නලුවෙකුට තමා බෙහෙවින් ඇලුම් කරණ බවද ඇගේ ලිපියේ සදහන්ව ඇති බව විමර්ශන කටයුතු වලදි අනාවරණය වු බවද පොලිසිය ප්‍රකාශ කරයි.
මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රාගම රෝහලේ තබා ඇත.කදාන පොලිසියේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිනි හේවාවිතාන මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් එන්.ඩි.සමන්ත(35506) මහතා සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු පවත්වයි.
තිස්ස කොටින්කඩුව-ජාඇල