හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලිය බිඳ වැටීම්වලදී විදුලි අවශ්‍යතාව උපරිම අවස්ථාවලදි අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම වෙනුවෙන් විදුලිය ගබඩා කර තබා ගැනීමේ පද්ධතියක් ඉදිරිපත් කිරීමට අදාළව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බිත්තර ආනයනය කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණවන පුද්ගලයන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වෙත උපදෙස් දී තිබේ.
Read Moreවියදම් කළමනාකරණය කිරීම සඳහා සෑම අමාත්‍යාංශයකම ලේකම්වරු වගකීමට බැදී සිටිනවා. ලේකම්වරු ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා වියදම් හැකිතාක් පාලනය කරලා මේ අමාරු අවස්ථාවේදි කෙටිකාලීන වශයෙන් තියෙන දරුණු අර්බුදයට මුහුණ දෙන්න.
Read More2023 නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා දේශාභිමානි සම්මානය දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත පිරිනැමීම සඳහා වන යොජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreඒ අනුවජාතික පාසල් 374, රාජ්‍ය විශ්වවිද්‍යාල 25, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20, ගුරු අභ්‍යාස විද්‍යාල 8, කාර්මික විද්‍යාල 20 (VTA/NAITA), දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, ප්‍රා දේශීය ලේකම් කාර්යාල 331, ITDLH අධ්‍යාපන මධ්‍යස්ථාන 79ක්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ගොඩනැගිලි 220ක්, පිරිවෙන් 824ක්, අනෙකුත් ආගමික ආයතන 9176ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී 5kv සූර්බ බල පද්ධති ලබාදීමට නියමිතය.
Read Moreදේශපාලන පක්ෂ ප්‍රචාරණයක් වෙනුවෙන් තමන්ගේ ඡායාරූප භාවිත කර ඇති බවට තමා දුටු බවත් තමන් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති බවත් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreරජයට අයත් කිසිම රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreව්‍යවස්ථාදායක සභාවේ රහස්‍ය භාවය රැකීමට පොරොන්දු වුවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරන ව්‍යවස්ථාදායක සභාවේ අනීතික ක්‍රියා අනුමත කළ නොහැකි හෙයින් එම තීරණ ජනතාව හමුවේ හෙළි කරන බවද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.
Read Moreජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ බදු බර අඩු කිරීමට කටයුතු කරන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. හරි ටීවී යූටියුබ් නාළිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreනැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවල වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, එහෙත් වී මිලදී ගැනීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් තවමත් සකස් කර නොමැති බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
Read Moreවිදුලි බිල වැඩි කිරීමක් සිදුකළහොත් අනිවාර්යයෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 වසංගතය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.
Read Moreකොළඹ බලා දිවෙන මගී බස් රථයක් අද (30දා) හපුතලේ බෙරගල අතර මාර්ගයේදී තිරිංග ක්‍රියාවිරහිත වීමත් සමග ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය මාර්ගය අයිනේ ඇති ජලය බැස්සවීම වෙනුවෙන් සකස් කළ කොන්ක්‍රීට් කාණුවකට අල්ලා නතර කර පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට එහි රියදුරු සමත්වූ බව පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මඟ පෙන්වීම් අනුව කටයුතු කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreකොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. මෙම ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සඳහා මේ වසරේ වෙන කර ඇති මුදල රුපියල් මිලියන 457 කි. ව්‍යාපෘතියේ වැඩකටයුතු 99%කින් මේ වන විට අවසන් ව තිබේ.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට අදාළ පරීක්ෂණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලමින් පැෆ්රල් සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
Read Moreකතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ වැඩ වසන මහා සංඝයා වහන්සේලාට තම මාසික සලාක දානය අඩු වියදමෙන් සරලව සකස් කර පූජා කරන මෙන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව විහාරාධිපති, අතිපූජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ දායකයන්ගෙන් ඉල්ලා සිටිති.
Read Moreඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
Read Moreසැමට සමාන සංවර්ධනයක් ගෙනඒමට අපේක්ෂා කරන ගෝලීය දකුණු-දකුණු සහයෝගීතාවයට පහර දෙන අතරම, අප්‍රිකාවේ චීනය විසින් මෙහෙයවනු ලබන ’’ණය-උගුලක්’’ යන එක්සත් ජනපද චෝදනාව යෙලන් විසින්ද ඉදිරිපත් කළ බව චීන මාධ්‍ය පවසයි.
Read Moreහික්කඩුව නගරයේ ඉදිකෙරුණු බස් නැවතුම්පොළ හා පොදු වැසිකිලිය විවෘත කිරීමේ උත්සවය නතර කිරීමට මැතිවරණ කොමිසන් සභාව ඊයේ (29)පියවර ගත්තේය.
Read Moreඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ’’ උඹලා වතුර කැපුවාට මදිවට, බිලත් දෙන්නත් එනවද යකෝ’’ යැයි ආවේගශීලීව කෑගැසූ නිවෙස් හිමියා ආදායම් සහකාර වරයාට පා පහරක් එල්ල කර අත දරා සිටි ජල බිල්පත් තොගය උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව මහරගම පොලිසිය පවසයි
Read Moreගිනි ගැනීම හේතුවෙන් මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර රැගෙනයාමේ කටයුතු චීනයේ ෂැන්හයි සෙල්වේජ් ආයතනය මගින් මේ වන විට සිදු කරනු ලබයි.
Read Moreමෙවර පහ වසර ශිෂයත්ව විභාගයෙන් කොළඹ ආනන්ද විදුහලේ දිනුත් දින්සර නන්දසිරි හා සනුත් දින්සර නන්දසිරි නිවුන් සොහොයුරන් සම ලකුණු ලබා එම විභාගය ඉහලින්ම සමත්වී තිබීම විශේෂයෙන්ම කැපීපෙනේ.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30දා) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
Read Moreපළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් දැන්වීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (30) දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreඅනුරාධපුර-යාපනය අලුතින් ඉදිවන දුම්රිය මාර්ගයෙ ඉදිකිරීම් වල නිරත වු කම්කරුවෙකු ජේ.සී.බී යන්ත්‍රයකට යටවීමෙන් බරපතළ තුවාල ලබා මැදවච්චිය රෝහලට රැගෙන යන අතරතුරදී ඊයේ (29දා) සවස මියගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයක් පැවැත්විය යුතුද නැත්ද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ කථා බහක් නිර්මාණය වී ඇති අවස්ථාවක ජාතික නිදහස් දින උත්සවයක් අවලංගු කර එම මුදල් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පහසුව වෙනුවෙන් නේවාසිකාගාර ඉදිකිරීමට වෙන්කළ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වෙයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන රැස්වීම අද (30) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දි මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
Read More