තායිලන්තයෙන් මෙරටට ත්‍යාග කෙරුණු ඇතුන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ පුවත් සංසරණය වුවත් තායි රාජා, කණ්ඩුල රාජා හෝ තායිලන්තයෙන් මෙරටට ලබාදුන් කිසිදු ඇතෙකු යළි ලබාගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් මහතා පවසයි .
තායිලන්ත තානාපතිවරයා අද (06) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් තායිලන්තයෙන් මෙරටට ලබාදුන් තායි රාජා ඇතුගේ සුව දුක් විමසීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළේය .
තානාපතිවරයා මහනුවරට පැමිණ ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව දැනට සුදුහුම්පොළ රජ මහා විහාරයේ රඳවා තිබෙන තායි රාජා හස්තියා නිරීක්ෂණය කිරීමට එකතු විය . මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එක්විය .
එහිදී තායිලන්ත තානාපතිවරයා පවසා සිටියේ සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් සංසරණ වෙමින් තිබුනද තායිලන්තයෙන් මෙරටට ලබාදුන් අලි ඇතුන් නැවත ලබාගැනීමක් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තායිලන්තයෙන් ලබා දීමට ඉදිරිපත් වන බව ද තානාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය . ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා හස්තියා මේ වන විට සුවයෙන් පසුවන බව කී තානාපතිවරයා සත්‍ය නොවන පුවත් හේතුවෙන් මහත් අර්බුද නිර්මාණය වී ඇතැයි සඳහන් කළේය .
දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ යම් යම් සිදුවීම් වාර්තා වුවත් අලි ඇතුන් පීඩාවට පත් කිරීමක් සමස්ථ වශයෙන් සිදු නොවන බවයි . අලි ඇතුන් සඳහා ප්‍රමාණවත් අයුරින් ප්‍රතිකාර ලබා දුන්නත් ශල්‍යකර්ම වැනි ප්‍රතිකාර වලින් අනතුරුව සතුන් රැක බලා ගැනීමේ රෝහල් නොමැති වීම ගැටළුවක් වී ඇතැයි පැවසීය .
මුතු රාජා ඇතුගේ සිද්ධිය හේතුවෙන් හීලෑ අලි ඇතුන්ගේ භාරකරුවන් මහත් අසීරුතාවයකට හා සිත් තැවුලකට පත් වූ බවකි දියවඩන නිළමේවරයා බොහෝ පිරිසක් අලි ඇතුන් රැක බලා ගනිමින් ඔවුන්ට සත්කාර කරන බව ද පෙන්වා දුන්නේය .
විහාරස්ථාන වල සහ නිවාස ආශ්‍රිතව හීලෑ අලි ඇතුන් 100 ක් පමණ සිටින බවත් පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන් 200 ක් පමණ සිටින බව කී ඒ මහතා එම සතුන් සුරක්ෂිතව පසුවන බවද පැවසීය .
ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් ගේ ප්‍රතිකාර භාරව කටයුතු කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ද මෙම අවස්ථාවට එක්විය .
