වෙළෙඳපොලේ සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රු. 2300ක් දක්වා අඩුකිරීමට සිමෙන්ති සමාගම් එකඟ වූ බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
වෙළෙඳපොළ සිමෙන්ති මිල ගණන් සම්බන්ධයෙන් දේශීය සිමෙන්ති නිෂ්පාදකයන් සමඟ අද පැවැති සාකච්ඡාවකදී සමාගම් මෙම තීරණයට පැමිණ තිබේ.
ඒ අනුව මේ වන විට රුපියල් 2600.00ක උපරිම සිල්ලර මිලක් පවතින සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රු 2300.00ක් දක්වා අඩු කිරීමට පැමිණ සිටි නිෂ්පාදකයන් එකඟ වී තිබේ.
තීන්ත, ටයිල් ඇතුළු අනිකුත් ඉදිකිරීම් ක්ෂේත්රය ආශ්රිත අනිකුත් සමාගම් සමගද මිලෙහි වෙනසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත්, ටයිල්මිල පිළිබදව සෑහීමකට පත් විය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති කමිටුව හරහා ටයිල් මිල සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශයට වාර්තාවක් මේ වන විටත් සකසා ඇති අතර,එය ඉක්මනින් ලබා දීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.