ගාලු මුවදොර පිහිටි අවන්හලක සේවය කරන ඉන්දීය ජාතික සේවකයෙකු විසින් තවත් ඉන්දීය ජාතික සේවකයෙකු ඝාතනය කර තිබෙන බවත්, ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මියගිය පුද්ගලයා අවුරුදු 28 වයස පුද්ගලයෙකු වන අතර, ඝාතනය සිදුකළ තැනැත්තා වයස අවුරුදු 30ක පුද්ගලයෙකි.
මරණකරු හා සැකකරු කොම්පඤ්ඥ වීදිය ප්‍ර දේශයේ තාවකාලික නවාතැන්පලක පදිංචිව සිට තිබෙන අතර, එම නවා තැන්පලේදී මීට දින කිහිපයකට පෙර ආරවුලක් ඇති කර ගෙන තිබේ.
මේ අනුව පසුගිය 05වැනිදා රාත්‍රියේ මොවුන් සේවය කරන අවන්හල තුළදී සැකකරු විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහරදී තිබෙන බවත්, පහර කෑමට ලක් වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය පරීක්ෂුණ පවත්වයි