චීනයෙන් ගෙන්වන ලද පොහොර සඳහා ඩොලර් මිලියන 6.9ක් වැය කළ බවත් එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1382ක් බවත් එම ගණුදෙනුවෙන් ලබා දුන් බාල පොහොරවලට වන්දියක් ලෙස එම මුදල නැවත ලබා ගන්න බැරි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විගණන වාර්තාවට අනුව කෘෂිකර්ම රාජ්‍ය හා කැබිනට් අමාත්‍යාංශයේ වගකිව යුතු පුද්ගලයන් වගකීම් පැහැර හැරීම නිසා මෙම මුදල් ලබා ගැනීමට නොහැකි වූ බවත් එබැවින් දැන් හෝ විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව පියවර ගන්නේ කවදාද කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නැනෝ නයිට්රජන් පොහොර වංචාව සම්බන්ධ විගණකාධිපති වාර්තාව ද මේ වන විට අවසන් හෙයින් එය සභාගත කරන ලෙස යි.
තවද වී මිල දී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වී කිලෝවක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දෙනවා කිව්වත් විවිධ ප්‍රදේශවල විවිධ මිල ගණන් ක්‍රියාත්මක වන බවත් මේ තත්ත්වය තුළ මෙම කන්නයේම ගනු ලබන පියවර කවරේද කියා විපක්ෂ නායකවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.