එකම අංකය සහිත ලියාපදිංචි අංක තහඩු සවි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් පොලිස් භාරයට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ 70/= පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් විකිණීම සඳහා පුද්ගලයකු ගැණුම්කරුවෙකු සොයන බව අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාට ලද තොරතුරකට අනුව එය මිලදී ගන්නා මුවාවෙන් උපාය දුතයෙකු යොදවා සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෝටර් රථය සමඟ සැකකරු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය අනුව සිදුකළ මූලික විමර්ශනවල දී එය ජාඇල ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුට අයත් මෝටර් රථයක ලියාපදිංචි අංකය බවට තහවුරු වූ බව පොලිසිය කියයි. ඒ අනුව එම මෝටර් රථය ද පොලිස් භාරයට ගත් බව විමර්ශන සිදු කරන නිලධාරියෙක් කීය.
සැකකරු සමඟ අත්අඩංගුවට ගත් මෝටර් රථයේ චැසි අංකය පරික්ෂා කිරීමේදී ඒ ජාඇල ප්‍රදේශයේ කාන්තාවකට අයත් මෝටර් රථයේ චැසි අංකය බවට වැඩිදුර විමර්ශණ වලදී විමර්ශන වලදී අනාවරණය වී ඇත
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද වාහන ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙක් බවට වැඩිදුර විමර්ශණ වලදී විමර්ශන වලදී අනාවරණය වී ඇත
අදාල මෝටර් රථ දෙක රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
පානදුර කොට්ඨාශ භාර දේට පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී සම්බන්ධ බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශ්ශංක පොලිස් කොස්තාපල්වරුන් වන 29027 මහින්ද 68884 101499 පියුමාල් 100310 රුක්ෂාන් 102449 මදුශාන් මහත්තුරු පරීක්ෂණ පවත්වයි
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ/ අඟුරුවාතොට මංගල එදිරිසිංහ